කැටලෝනියාවේ ප්‍රාදේශීය පාර්ලිමේන්තුව විසින් ඒකපාර්ශ්වීය වශයෙන් නිදහස ප්‍රකාශයට පත්කරනු ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් නිකුත් කරන ලද නිවේදනය

කැටලෝනියාවේ ප්‍රාදේශීය පාර්ලිමේන්තුව විසින් ඒකපාර්ශ්වීය වශයෙන් නිදහස ප්‍රකාශයට පත්කරනු ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් නිකුත් කරන ලද නිවේදනය

ශ්‍රී ලංකාව සහ ස්පාඤ්ඤය චිරස්ථායී මිත්‍ර සම්බන්ධයක් පවත්වන අතර, යුරෝපා සංගමය සමග ශ්‍රී ලංකාව පවත්වන සම්බන්ධතාවේදී ස්පාඤ්ඤය එහි වැදගත් සාමාජිකයකු වශයෙන් ශ්‍රී ලංකාව සලකයි.

ස්පාඤ්ඤ රාජධානියේ පරමාධිපත්‍යයට සහ භෞමික අඛණ්ඩතාවට ඉතා පැහැදිලි ලෙසම සහය දක්වන ශ්‍රී ලංකා රජය, කැටලෝනියාව යනු ස්පාඤ්ඤයේම අඛණ්ඩ කොටසක් ලෙස සලකයි. නීතියේ ආධිපත්‍යයට අනුකූලතාව දක්වමින්, ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ, එක්සත් ස්පාඤ්ඤයක් උදෙසා සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජය උදක්ම ඉල්ලා සිටියි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2017 ඔක්තෝබර් 28

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close