යුරෝපය සහ උතුරු ඇමරිකා අංශය
යුරෝපා සහ උතුරු ඇමරිකානු අංශයේ වගකීම වන්නේ රටවල් 51ක් සමඟ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා පවත්වාගෙන යාමයි.
මෙම අංශය, දේශපාලන, ආර්ථික (වෙළෙඳාම, ආයෝජන, සංචාරක), විද්‍යාව හා තාක්ෂණය, සංස්කෘතිය, අධ්‍යාපනය සහ සංවර්ධනය වැනි ක්ෂේත්රවල
උපායමාර්ගික හවුල්කාරිත්වය වර්ධනය කිරීම, ප්‍රතිපත්ති සම්පාදනය සහ රාජ්‍යතාන්ත්‍රික සංවාද සඳහා පහසුකම් සලසයි.
මෙම අංශය, යුරෝපීය සංගමයේ සාමාජික රටවල් 27ක් — ඔස්ට්‍රියාව, බෙල්ජියම, බල්ගේරියාව, ක්‍රොඒෂියාව, සයිප්‍රසය, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, එස්තෝනියාව,
පින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, අයර්ලන්තය, ඉතාලිය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටා, නෙදර්ලන්තය, පෝලන්තය, පෘතුගාලය,
රුමේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය සහ ස්වීඩනය — ආවරණය කරයි.
එමෙන්ම, යුරෝපීය සංගම සාමාජිකත්වය නොමැති රටවල් — ඇල්බේනියාව, ඇන්ඩෝරා, අර්මේනියාව, අසර්බයිජානය, බෙලාරුස්, බොස්නියාව සහ හර්සගොවිනා, ජෝර්ජියාව, වතිකානුව,
අයිස්ලන්තය, ලීච්ටන්ස්ටයින්, උතුරු මැසිඩෝනියාව, මෝල්ඩෝවා, මොනාකෝ, මොන්ටිනිග්‍රෝ, නෝර්වේ, රුසියාව, සර්බියාව, සැන් මරිනෝ, ස්විට්සර්ලන්තය,
තුර්කිය, යුක්රේනය සහ එක්සත් රාජධානිය — ද මෙම අංශය වෙතින් ආවරණය වේ.
එහි අමතර වගකීමක් ලෙස, ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර ද්විපාර්ශ්වික සබඳතා පවත්වාගෙන යාමද මෙම අංශය විසින් සිදු කෙරේ.
එමෙන්ම, යුරෝපා සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ සබඳතා පවත්වාගෙන යෑමටත් මෙම අංශය වගකිවයී.
මෙය ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩල 15ක් සහ කොන්සල් කාර්යාල 3ක් සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන යයි.


