99x ටෙක්නොලොජි සමාගම කළුබෝවිල සහ වතුපිටිවල රෝහලට රුපියල් මිලියන 4.5ක් වටිනා වෛද්‍ය උපකරණ ලබා දෙයි

99x ටෙක්නොලොජි සමාගම කළුබෝවිල සහ වතුපිටිවල රෝහලට රුපියල් මිලියන 4.5ක් වටිනා වෛද්‍ය උපකරණ ලබා දෙයි

නොර්වේජියානු ශ්‍රී ලංකා  තානාපති ගොඩ්ප්‍රි කුරේ මහතා , අමාත්‍ය උපදේශක නිලන්තිනි අරුල්පිරගාසම් මහත්මිය සමඟ  99x ටෙක්නොලොජි ආයතනයේ සභාපති ඩැග් හොනින්ග්ස්වාග් මහතා කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක්  ලෙස කළුබෝවිල හා වතුපිටිවල රෝහල් සදහා රුපියල් මිලියන 4.5ක් වටිනා රෝහල් උපකරණ ලබා ගැනීමට හැකි වී තිබේ.

ශ්‍රී ලංකාවේ අර්බුදයට ප්‍රතිචාර දැක්වීම පිණිස මෙම රෝහල් දෙකටම නෝර්වීජියානු ක්‍රෝනර් 190,000කට අධික වටිනාකමකින් යුත් උපකරණ ලබා දී ඇත.

i. කළුබෝවිල රෝහලේ අධි සත්කාර ඒකකය (HDU):වරින් වර ක්‍රියාකරන වායුමය සම්පීඩක උපාංග (ඒකක 2) සහ එහා මෙහා ගෙන යා හැකි චූෂණ උපකරණවලින් (ඒකක 3) සමන්විත නෝර්වීජියානු ක්‍රෝනර් 46,250 ක් වටිනා වෛද්‍ය උපකරණ

  • වරින් වර ක්‍රියාකරන වායුමය සම්පීඩක උපාංග ඒකක2 (නෝර්වීජියානු ක්‍රෝනර් 24,500)
  • අතේ ගෙන යා හැකි චූෂණ උපකරණ උපාංග ඒකක3 (නෝර්වීජියානු ක්‍රෝනර් 21,750)

ii. වතුපිටිවල මූලික රෝහල: නෝර්වීජියානු ක්‍රෝනර්145,500 ක වියදමින් පීසීආර් පරීක්ෂණ විද්‍යාගාරයක් පිහිටුවීම සඳහා බහාලුම් පදනම් කරගත් පහසුකමක් ලබා දී ඇත. මේ සඳහා, කාමර වෙන් කොට වායුසමීකරණයෙන් සම්පූර්ණ කරන ලද අඩි 40 ක බහාලුම් ඒකක දෙකක් ලබාගැනීම හා සවිකිරීම මෙයට අයත් විය.

ඩැග් හොනින්ස්වාග් මහතා මිලදී ගැනීමේ ලියකියවිලි රෝහල් වෙත භාර දුන් අතර ඡායාරූප සමඟ කරන ලද වැඩ කටයුතු පිළිබඳ තොරතුරු තානාපති ගොඩ්ප්‍රි කුරේ මැතිතුමා වෙත භාර දුන්නේය. තවද, වර්තමාන ආසාදන රැල්ල අවම කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙල සාර්ථක වන ලෙස ඔහු ප්‍රාර්ථනා කළේය. 99x කණ්ඩායම ශ්‍රී ලංකාවේ සහන සේවා හඳුනා ගැනීමට සහ සහාය දීම සඳහා අඛණ්ඩව කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ඔස්ලෝ

2021 ජූනි මස 30 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close