විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය ලබා දෙනු ඇත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වල තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එතුමා විසින් මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතව ඇත. කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබූ ඵලදායී සම්බන්ධතාවයට අනුකූලව මෙම ප්‍රකාශය ඉදිරිපත් කෙරෙනු ඇත.
ඉන් අනතුරුව අන්තර්ක්‍රියාකාරී සංවාදයක් පැවැත්වෙන අතර, එහිදී සාමාජික සහ නිරීක්ෂක රාජ්‍යයන් විසින් අවශ්‍යය මැදිහත්වීම් සිදු කරනු ඇත.
සැසිය අතරතුරදී, අමාත්‍යවරයා රටවල්වල නියෝජිතවරුන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සමඟ ද්විපාර්ශ්වික රැස්වීම්ද පවත්වනු ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 60 වැනි සැසිවාරය 2025 සැප්තැම්බර් 08 වැනි දින සිට ඔක්තෝබර් 08 වැනි දා දක්වා ජිනීවාහිදී පැවැත්වීමට නියමිතය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 සැප්තැම්බර් 08 වැනි දින


