ශ්‍රී ලංකාව ඉස්තාන්බුල් ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙයි

2022 සැප්තැම්බර් මස 01 සිට 04 වන දින දක්වා තුර්කියේ ඉස්තාන්බුල් හි දී පැවති ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනයේ දී පිරිසිදු ලංකා තේ රස විඳීම සඳහා විශාල අමුත්තන් පිරිසක් ශ්‍රී ලංකා කුටිය වෙත එක්රැස් වූහ.

සීමාසහිත සිලෝන් ටී ලෑන්ඩ් (පුද්.) සමාගම (Ceylon Tea Land (Pvt) Ltd),රැන්ෆර් ව්‍යාපාර සමූහය (Ranfer Group), සීමාසහිත දම්රෝ එක්ස්පෝර්ට්ස් (පුද්.) සමාගම (Damro Exports (Pvt) Ltd), සීමාසහිත හෙරිටේජ් ටීස් (පුද්.) සමාගම (Heritage Teas (Pvt) Ltd) සහ සීමාසහිත සිලෝන් ටී මාකටින් (පුද්.) සමාගම (Ceylon Tea Marketing (Pvt) Ltd) ඇතුළු සමාගම් පහක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී විය.

මෙහි දී සහභාගී වූ සමාගම් විසින් තම නිෂ්පාදන ප්‍රමුඛ පෙළේ තුර්කි සමාගම් සමඟ එක් ව ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය තුළ ප්‍රදර්ශනය කරනු ලැබිණි. තානාපති කාර්යාලය විසින් ප්‍රදර්ශනය පුරාවට නරඹන්නන් සඳහා තේ රසවිඳීමේ අංගයක් ද සංවිධානය කර තිබිණි.

ඉස්තාන්බුල් හි ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනය යුරේසියාවේ පැවති විශාලතම ආහාර නිෂ්පාදන සහ තාක්ෂණික ප්‍රදර්ශනය වන අතර රටවල් 40 ක නිෂ්පාදකයින්, ගැනුම්කරුවන් සහ සැපයුම්කරුවන් ඊට සහභාගී වේ.  තුර්කි වෙළඳ අමාත්‍යාංශය, KOSGEB, IHBIR, තුර්කි ආහාර පිසීමේ සංගමය, ගැස්ට්‍රොනොමි සංචාරක සංගමය සහ ලෝක රසකැවිලි සමාජය (WGS) යන ආයතනවල සහයෝගයෙන් යුතුව එය පැවැත්විණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2022 සැප්තැම්බර් 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close