තායිලන්තය ශ්‍රී ලංකාවට කොවිඩ්-19 ආශ්‍රිත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

තායිලන්තය ශ්‍රී ලංකාවට කොවිඩ්-19 ආශ්‍රිත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

විදේශ ලේකම් ජයනාත් කොළඹගේ  මහතා අද (09/01) දින විදේශ අමාත්‍යාංශයේ පැවති සංකේතාත්මක උත්සවයක දී කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි තයාතාත් කංජනාපිපට්කුල් මහතා වෙතින් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් භාරගත්තේය. ඉන් අනතුරුව මෙම පරිත්‍යාගය, දිවයින පුරා කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් වෙත බෙදා හැරීම පිණිස ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා වෙත භාර දෙන ලදී.

මෙම පරිත්‍යාගයට, ඔක්සිජන් සාන්ද්‍රක 30 ක්, වෙන්ටිලේටර් 02 ක්, ඔක්සිජන් ටැංකි 108 ක්, නියාමක/කැනියුලා කට්ටල 62 ක්, ස්පන්දන ඔක්සිමීටර් 160 ක් සහ පුද්ගලික ආරක්‍ෂක උපකරණ (PPE) කට්ටල 150 ක් අයත් විය. තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශය, සොම්ඩෙට් ප්‍රා ඥානසම්වර සොම්ඩෙට් ප්‍රා සංඝරාජ් වට් විහාරස්ථානය, බොවෝරනිවස් විහාර පදනම, තායිලන්තයේ ශ්‍රී ලංකා සංගමය, තායි-ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලය මෙම පරිත්‍යාගය සඳහා දායක වී ඇත.

බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පරිත්‍යාගය යැවීමට කටාර් ගුවන් සේවයේ අනුග්‍රහය යටතේ ගුවන් මගින් ප්‍රවාහනය කිරීම සඳහා සම්බන්ධීකරණය කොට කටයුතු සම්පාදනය කළේය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 සැප්තැම්බර් 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close