2018 අප්‍රේල් මස 11 වැනි දින කොළඹ දී පැවැති ශ්‍රී ලංකා- වියට්නාම දේශපාලන උපදේශන තෙවැනි රැස්වීම  

2018 අප්‍රේල් මස 11 වැනි දින කොළඹ දී පැවැති ශ්‍රී ලංකා- වියට්නාම දේශපාලන උපදේශන තෙවැනි රැස්වීම  

SLFM-Vietnam

 

 

ශ්‍රී ලංකා-වියට්නාම දේශපාලන උපදේශන තෙවන රැස්වීම 2018 අප්‍රේල් මස 11 වැනි දින ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමින් කොළඹ දී පවත්වනු ලැබිණි.

ශ්‍රී ලංකා දූත පිරිසෙහි නායකත්වය විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුමිත් නාකන්දල මහතා විසින්  දරනු ලැබූ අතර වියට්නාම  විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඩැං ඩින් ක්වායි මහතා එරට දූත පිරිසෙහි නායකත්වය ඉසිලීය.

දෙරටෙහි  ද්විපාර්ශ්වීය දේශපාලන හා ආර්ථික සහයෝගීතාව සඳහා වන කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට හා ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව හා වියට්නාමය මෙහිදී යළි ප්‍රතිඥා දුන්නේය.

කෘෂිකර්මාන්තය,  ධීවර කර්මාන්තය, අධ්‍යාපනය සහ පුහුණුව, වෙ‍ළෙඳාම හා ආයෝජන, සංස්කෘතිය හා සංචාරක කර්මාන්තය යන අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන්  යුතු පුළුල් පරාසයක විහිදුනු ක්ෂේත්‍ර රාශියක්  හා වර්තමානයේ  ක්‍රියාත්මක වන්නාවූ වැඩසටහන් මෙහිදී සමාලෝචනයට හා සාකච්ඡාවට බඳුන් විය.

දෙපාර්ශ්වයේම  අභිලාෂයන් පෙරට ගෙන ආ හැකි කලාපීය හා බහුපාර්ශ්වික සමුළු වාරයන් හීදී ඒකාබද්ධව කටයුතු කිරීමේ අගය මෙන්ම දෙපාර්ශ්වයටම බලපැවැත්වෙන ගැටලු සම්බන්ධයෙන් ද ඔවුහු සිය අවධානය යොමු කළහ.

වියට්නාම  විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඩැං ඩින් ක්වායි මහතා 2018 අ‌ප්‍රේල් මස 11 වැනි දින පස්වරුවේ දී  විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ද මුණගැසිණි.

2011 ඔක්තෝබර් මස දී දෙරටෙහි විදේශ කටයුතු අමාත්‍යාංශ අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම දේශපාලන උපදේශන හරහා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීමට මං පෙත් හෙළි කර ඇත. ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර පැවති පළමු හා දෙවැනි උපදේශන රැස්වීම්  පිළිවෙලින් 2012 වසරේ කොළඹ දීත් 2013 වසරේ හැනෝයි හීදීත් පැවැත්විණි. දෙරටෙහි විදේශ කටයුතු අමාත්‍යංශවල   ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙන්ම රේඛීය නියෝජිතායතනවල නිලධාරීහු ද  මෙම රැස්වීමට සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 අ‌ප්‍රේල් මස 11 වැනි දින

SLFM-Vietnam2

SL-VietnamPC

Vietnam Delegation

SL Delegation

SL-VietnamPC2

 

 

 

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close