Foreign Ministry Statement on growing tensions in the Middle East

Foreign Ministry Statement on growing tensions in the Middle East

මාධ්‍ය ප්‍රකාශය

ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඝාතනය වීමත් සමඟ, මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් සිටියි.

මෙම අවස්ථාවේ දී උපරිම සංයමයකින් යුතුව කටයුතු කරන ලෙසත්, කලාපයේ ස්ථායීතාවයට එල්ල වී ඇති මෙම තර්ජනය අවම කිරීම සඳහා ඵලදායී සංවාදයක් තුළින් සාමය හා සුරක්ෂිතභාවය පවත්වා ගෙන යන ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

විදේශ සබඳතා අමාත්‍යාංශය

කොළඹ

2020 ජනවාරි 06 වැනි දින

---------------------------------

Print Friendly, PDF & Email
Please follow and like us:

Close