යුරෝපා සංගමයේ සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය (GSP+) නැමැති වෙළෙඳ මනාප වැඩසටහන යටතේ ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් 2025 අප්‍රේල් 28 සිට මැයි 07 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත. 2024 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3 ක අපනයනයක් සහිත වූ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන ගමනාන්තය වේ.
ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති සම්මුතීන් 27, මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්ෂාව සහ දේශගුණික විපර්යාස සහ යහපාලනය යන ක්ෂේත්‍ර ආවරණය කරයි. සම්මුතීන් ක්‍රියාත්මක කිරීම මෙහෙයුම් සහ වාර්තා මගින් වරින් වර නිරීක්ෂණය කරනු ලැබේ.
මෙම මෙහෙයුම් කණ්ඩායම රජයේ නිලධාරීන්, අදාළ ආයතන, දේශපාලනඥයින්, සිවිල් සමාජය, ව්‍යාපාරික සංගම්, වෘත්තීය සමිති හමුවනු ඇති අතර ක්ෂේත්‍ර චාරිකාද සිදු කරනු ඇත.
මින් පෙර පැවැති GSP+ අධීක්ෂණ මෙහෙයුම කොළඹදී පැවැත්විණි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 අප්‍රේල් 26 වැනි දින


