2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

රුවන්ඩාවේ කිගාලි හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ජූනි 23 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අචාර්ය එස්. ජයශංකර් මැතිතුමා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීය.

මෙම දුෂ්කර අවස්ථාව හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් පුළුල් සහයෝගය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා මෙහිදී සිය උණුසුම් කෘතඥතාව පළ කළේ ය. මෙමඅතිශය අභියෝගාත්මක කාල පරිච්ඡේදයට මුහුණ දීම සඳහා මෙම උපකාර විශාල වශයෙන් ඉවහල් වූ බවද විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිත අනාගත සහයෝගීතාව පිළිබඳව ද අමාත්‍යවරු දෙපළ මෙහිදී සාකච්ඡා පැවැත්වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූනි 24 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close