2022 ජාත්‍යන්තර තේ දිනයේ දී බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකීය කළු තේ ප්‍රවර්ධනය කරයි.

2022 ජාත්‍යන්තර තේ දිනයේ දී බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකීය කළු තේ ප්‍රවර්ධනය කරයි.

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2022 ජුනි මස 07 වන දින පැවති ජාත්‍යන්තර තේ දිනය ලංකා තේ ප්‍රවර්ධනය කරමින් සමරනු ලැබීය. ජාත්‍යන්තර තේ දිනය වාර්ෂිකව මැයි 21 වන දිනට යෙදී ඇත. එනමුත් වසංගතය සම්බන්ධ සීමා කිරීම් හේතුවෙන්" ඊට අදාළ සැමරුම් උත්සවය 2022 ජුනි මස 07 වන දිනට නැවත සැලසුම් කරන ලදි.  මෙම උත්සවය කීර්තිමත් චීන තේ සමාගමක් වන ෂාඕ ගුආන් චා නම් තේ සමාගම සමඟ සහයෝගයෙන් සංවිධානය කරන ලදි. මාධ්‍යවේදීන්" තේ ගැනුම්කරුවන්" ශ්‍රී ලංකා තේ ආනයනකරුවන්" තේ ලෝලීන් සහ ව්‍යාපාරිකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

2021 වසරේ දී චීනය ඩොලර් මිලියන 76ක වටිනාකමකින් යුත් ලංකා තේ කිලෝග්‍රෑම් 15.2ක් ආනයනය කර ඇත. කෙසේ වෙතත්" වසා දැමූ තේ වෙළඳසැල්" හෝටල්" කැෆේ සහ ආපනශාලා මෙන්ම වසංගත ආශ්‍රිත සැපයුම් සීමා කිරීම් හේතුවෙන් 2022 වසරේ පළමු කාර්තුවේ අඩු වර්ධනයක් වාර්තා විය.

මෙම උත්සව අවස්ථාවේ දී අදහස් දක්වමින් බීජිං හි ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, ‘සිලෝන් චා’ නමින් ද හඳුන්වනු ලබන ශ්‍රී ලංකා තේ" එහි රසය" සුවඳ, සංශුද්ධ බව" පරිපූර්ණ ගුණාත්මකභාවය සහ සුප්‍රසිද්ධ සෞLH ප්‍රතිලාභ සඳහා අද්විතීය බවක් සහ කීර්තියක් උසුලන බව ප්‍රකාශ කළේය. කළු තේ යනු ප්‍රකට ප්‍රතිඔක්සිකාරකයකි. චීනයට ලංකා තේ බහුලව පරිභෝජනය කිරීමට හැකියාවක් ඇති බවට තවදුරටත් අදහස් දැක්වූ එතුමා වැඩි වශයෙන් ලංකා තේ මිලදී ගෙන එහි ප්‍රතිලාභ අත්විඳීමට ආනයනකරුවන් සහ ගැනුම්කරුවන් දිරිමත් කළේය. ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා විශාල සහ වඩා ලාභදායී වෙළඳපොලක් ශ්‍රී ලංකාවට සහාය වනු ඇත.

චීනය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන අතර, එබැවින් චීන වෙළඳපොළ ඉලක්ක කර එහි ප්‍රමිතීන් සපුරාලිය යුතු ශ්‍රී ලංකාවේ නව අපනයනකරුවන් හට ලාභදායී වෙළඳපොලක් විය හැකි බව තානාපතිවරයා ප්‍රකාශ කළේය. චීන පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීමට උත්සාහ කරන ලෙසත්, මහජන චීන සමූහාණ්ඩුවේ රේගු සාමාන්‍ය පරිපාලන ආයතනයේ (GACC) ලියාපදිංචි වන ලෙසත් එතුමා ශ්‍රී ලංකා අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

තානාපති කොහොන මැතිතුමා තේ ප්‍රවර්ධන නිලධාරී සම්පත් පෙරේරා මහතා සමඟ එක්ව පැමිණ සිටි පිරිසට ඉස්තරම් ගණයේ ලංකා තේ" ලෙමන් තේ සහ කිරි තේ කෝප්පයක් පිළියෙළ කරන ආකාරය නිරූපණය කර පෙන්වීය. ප්‍රධාන තේ ශ්‍රේණි සහිත ශ්‍රී ලංකාවේ තේ කලාප වර්ග 7 මෙම අවස්ථාවේ දී ප්‍රදර්ශනය කරනු ලැබූ අතර සහභාගී වූ සියලුම දෙනාට ලංකා තේ පිරිනැමිණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

Print Friendly, PDF & Email
Please follow and like us:

Close