2021 මැයි 21 වැනිදා මොස්කව්හි පැවැති තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර ලීගයේ කොංග්‍රසයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහභාගි වෙයි

2021 මැයි 21 වැනිදා මොස්කව්හි පැවැති තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර ලීගයේ කොංග්‍රසයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහභාගි වෙයි

මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තේ ප්‍රවර්ධන ඒකකය 2021 මැයි 21 දින පැවැති තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර ලීගයේ කොංග්‍රසයට සහභාගි වූ අතර ජාත්‍යන්තර තේ දිනයද එදිනටම යෙදී තිබීම සුවිශේෂී වේ. එය ලොමොනොසොව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ “ක්‍රස්නොවිඩොවෝ” (මොස්කව් ප්‍රදේශයේ ගම්මානයකි) අමුත්තන්ගේ නිවස්නේදී පැවැති අතර ආර්මේනියාව සහ කසකස්ථානය ඇතුළුව රුසියාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණ විද්‍යාඥයන් 100 ක පමණ පිරිසක් ඊට සහභාගි විය.

මේ සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහභාගිත්වය කොංග්‍රසයේ සංවිධාකයන්ගේ මහත් පැසසුමට ලක්වූයේ විදේශ රටක තානාපති කාර්යාලයක නියෝජිතයන් එම ජාත්‍යන්තර කොංග්‍රසයට සහභාගි වූ ඉතිහාසයේ පළමු අවස්ථාව එය වූ බැවිනි. ඒ සදහා සහභාගි වූ තානාපති කාර්යාලයේ නිලධාරීන් සිල්ක්වේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ (ෂයිම්කෙන්ට් නගරය, කසකස්ථානයේ දකුණු පෙදෙස) තරුණ පර්යේෂකයන් සමග දැන හැඳනුම්කම් ඇතිකර ගත් අතර කසකස්ථානයේ සිල්ක්වේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ සංචාරයක නිරත වන ලෙස ඔවුනට ආරාධනා කරන ලදි.

ක්‍රියාකාරී සැසි අතර පැවැති විවේකයන්හිදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල නිපදවූ  පිරිසිදු ලංකා තේ රස විඳීමට ශිෂ්‍යයන් ශ්‍රී ලංකා තේ කවුන්ටරය වෙත පැමිණෙන ලදී. එහිදී ශිෂ්‍යයන් තේ සංස්කෘතින්ට බලවත් උනන්දුවක් දැක්වූ බවට තානාපති කාර්යාල නියෝජිතයන්ට නිරීක්ෂණය විය. පැමිණි සියලු සිසුන්ට ලංකා තේ පිළිබද විස්තර පත්‍රිකාවක් ලබාදුන් අතර ජාත්‍යන්තර තේ දිනය සැමැරීම වෙනුවෙන් ඔවුන් සියලු දෙනාට කුඩා තේ පැකැට්ටුවක් ත්‍යාගයක් ලෙස ලබා දෙන ලදී.

මෙහිදී තෙවන ලේකම් ටිෂාන් ද සිල්වා මහාත සහ ඔහුගේ සහායක මරීනා ස්ටැබ්‍රොව්ස්කායා මහත්මිය තානාපති කාර්යාලය නියෝජනය කරන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 ජූනි මස 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close