2018 අප්‍රේල් 27 වැනි දින පැවැති අන්තර් - කොරියා නායක හමුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශය

2018 අප්‍රේල් 27 වැනි දින පැවැති අන්තර් – කොරියා නායක හමුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශය

2018 අප්‍රේල් 27 වැනි දින පැවැති අන්තර් - කොරියා නායක හමුව සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන නිවේදනය

කොරියානු ජනරජයේ හා කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජයේ නායකයන් අතර 2018 අප්‍රේල් මස 27 වැනි දින පැවැති අන්තර්-කොරියා හමුව සාර්ථක ලෙස අවසන්වීම සහ සාමය, සෞභාග්‍යය හා කොරියානු අර්ධද්වීපයේ එක්සත්වීම පිළිබඳ පන්මුන්චොම් ප්‍රකාශනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය සිය ප්‍රසාදය පළ කරයි.

කලාපයේ කල්පවත්නා සාමය, ආරක්ෂාව සහ ස්ථාවරබව ඇති කිරීම පිණිස ස්ථිරසාර සාමයේ ආධිපත්‍යයක් ඇති කිරීම සඳහාත් කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් මුක්ත කිරීමට සහය වීම සඳහාත් එම හමුවේදී ප්‍රකාශයට පත් කරනු ලැබූ කැපවීමෙන් ශ්‍රී ලංකාව දිරිමත් වී සිටියි.

මෙම ඓතිහාසික හමුව සම්බන්ධයෙනුත් අන්තර්-කොරියා සබඳතා වැඩි දියුණු කිරීමේද කොරියානු අර්ධද්වීපයේ කල්පවත්නා සාමය සහ ස්ථාවරබව උදාකර ගැනීමේද වැදගත් ඉදිරි පියවරක් වන එම හමුවේ ධනාත්මක ප්‍රතිඵල සම්බන්ධයෙනුත් ශ්‍රී ලංකාව සිය සුබපැතුම් පිරිනමයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2018 මැයි 11 වැනිදා

 

sinpdf
Print Friendly, PDF & Email
Please follow and like us:

Close