තායිලන්ත පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාව බිම් මට්ටමේ ආර්ථික නිෂ්පාදන ප්‍රදර්ශනයට සහභාගී වේ

 තායිලන්ත පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාව බිම් මට්ටමේ ආර්ථික නිෂ්පාදන ප්‍රදර්ශනයට සහභාගී වේ

සෙනෙට් මහලේකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවට කරන ලද ආරාධනයෙන් බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය 2023 සැප්තැම්බර් 26-27 දක්වා තායිලන්ත පාර්ලිමේන්තුවේ පැවති බිම් මට්ටමේ ආර්ථික නිෂ්පාදන ප්‍රදර්ශනය සඳහා සහභාගී වූයේ සෙනෙට් සභිකයින්ගේ  මීට් ද පීපල් ව්‍යාපෘතියේ 04 වන සංවස්තර අවස්ථාවෙහිදීය.

සෙනෙට් සභාවේ සභාපති පොන්පෙක් විච්කොල්චායි, සෙනෙට් සභාවේ උප සභාපතිවරුන් වන සින්ග්සුක් සින්ග්ප්යි සහ සුපාචායී සොම්කැරොන්, තායිලන්තයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හිටපු සභාපති / කථානායක චුආන් ලීක්පයි, සෙනෙට් සභිකයින් සහ ජාතික සභාවේ සාමාජිකයින් ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියේ ප්‍රදර්ශනය කර ඇති නිෂ්පාදන අගය කළහ. ජාතික ශිල්ප සභාව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, සිමාසහිත Ranfer Teas පුද්ගලික සමාගම සහ සිමාසහිත Eswaran Brothers Exports පුද්ගලික සමාගම විසින් මෙම නිෂ්පාදන පිරිනමන ලදී. ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියේ Ceylon Tea ද පිරිනමන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්ථිර දූත මණ්ඩලය

බැංකොක්

2023 ඔක්තෝබර් 03

Print Friendly, PDF & Email
Please follow and like us:

Close