හිටපු අගමැති ලේකම් දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් ලෙස වැඩ බාර ගනී

හිටපු අගමැති ලේකම් දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් ලෙස වැඩ බාර ගනී

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථිර ලේකම්වරයකු ලෙස කටයුතු කළ එස්. අමරසේකර මහතා දකුණු අප්‍රිකානු ජනරජය සඳහා නම් කළ මහ කොමසාරිස් ලෙස 2020 දෙසැම්බර් 03 වැනි දින දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී සිය රාජකාරි භාර ගත්තේය.

නව මහ කොමසාරිස්වරයා පැමිණි අවස්ථාවේ දී එතුමා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්යය මණ්ඩලය විසින් පිළිගනු ලැබූ අතර, ආගමික වතාවත් පිළිපැදීමෙන් අනතුරුව අමරසේකර මැතිතුමා නිල වශයෙන් රාජකාරි භාර ගත්තේය.

පසුව මහ කොමසාරිස් කාර්යාලයේ කාර්යය මණ්ඩලය ඇමතූ නම් කළ මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා, වෙළඳ, ආයෝජන සහ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, පශ්චාත් කොවිඩ්-19 යුගයේ දී දකුණු අප්‍රිකාව සහ අනෙකුත් අක්ත ගන්වන ලද රාජ්‍ය සමඟ ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. මහ කොමසාරිස් කාර්යාලයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා එකමුතුකම හා කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මහ කොමසාරිස්වරයා තවදුරටත් අවධාරණය කළේය.

මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා දශක පහකට අධික කාලයක් ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨතම තනතුරුවල සේවය කර ඇති අතර, එතුමා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට පත්වීමට පෙර අමාත්‍ය මණ්ඩලයේ ලේකම් ලෙසද සේවය කළේය. සිය රාජ්‍ය සේවා කාලය තුල ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක ලේකම් තනතුරු ද හෙබ වූ අමරසේකර මහතා පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ඇති අතර, එක්සත් රාජධානියේ බාත් විශ්වවිද්‍යාලයෙන් සංවර්ධන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි සුදුසුකම් ලබා සිටී.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ප්‍රිටෝරියා

 

2020 දෙසැම්බර් 08 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close