හැනොයි හි විදේශ වෙළඳ විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර  සහයෝගීතාව වර්ධනයට පියවර ගැනේ

හැනොයි හි විදේශ වෙළඳ විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර  සහයෝගීතාව වර්ධනයට පියවර ගැනේ

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන හා වියට්නාමයේ හැනෝයි හි පිහිටි විදේශ වෙළඳ විශ්වවිද්‍යාලය අතර සහයෝගීතාවය වර්ධනය කීරිමට වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වී කටයුතු කළේ ය. ඒ අනුව මේ පිළිබඳ සාකච්ඡා කිරීම සහ ගවේෂණය කිරීම සඳහා එහි සහාය මහාචාර්යවරුන් වන සභාපති බුයි අන් ටුවාන් මහතා සහ උප සභාපති ෆාම් තු හුවොං මහත්මිය සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසන්න ගමගේ මහතා අතර හමුවක් ඉකුත් 22දා සිදු විය.

1960 දී ආරම්භ කරන ලද විදේශ වෙළඳ විශ්වවිද්‍යාලය, වියට්නාමයේ ඉහළ පිළිගැනීමක් සහිත රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනයකි. එහි සරසවි තුනක් වියට්නාමය තුළ ඇති අතර, දැනට සිසු සිසුවියන් 19,000 දෙනෙක් සහිතව උපාධි හා පශ්චාත් උපාධි අධ්‍යයන වැඩසටහන් 18 ක් පැවැත්වේ. ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, ඉන්දියාව, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, කැනඩාව සහ තායිලන්තය වැනි රටවල විශ්වවිද්‍යාල සමඟ ඉතා පොහොසත් හා ආකර්ශණීය ජාත්‍යන්තර ඒකාබද්ධ අධ්‍යයන වැඩසටහන් 22 ක් ද විදේශ වෙළඳ විශ්වවිද්‍යාලය මඟින් ක්‍රියාත්මක කෙරේ. විදේශ වෙළඳ විශ්වවිද්‍යාලයේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ එහි ජාත්‍යන්තර ශිෂ්‍ය හුවමාරු වැඩසටහන වන අතර, ඊට වාර්ෂිකව සිසුන් 600 දෙනෙක් පමණ සහභාගී වේ.

තානාපති ගමගේ මැතිතුමා සහ ටුවාන් මහතා සහ හූං මහත්මිය යන සහාය මහාචාර්යවරු, දෙරටේ අධ්‍යාපන ක්‍රම පිළිබඳ සහ ශිෂ්‍ය හුවමාරුව සහ ඒකාබද්ධ වැඩසටහන් ස්වරූපයෙන් අනාගත සහයෝගීතාව සඳහා පවතින හැකියාව පිළිබඳව පුළුල් ලෙස සන්නිවේදනය කළහ. විදේශ වෙළඳ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රඥයින් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන සමඟ මෙවැනි වැඩසටහන් ආරම්භ කිරීම පිළිබඳව තමන් අතිශයින් සතුටට පත්වන බවයි.

තානාපති ගමගේ මැතිතුමා සහ සහාය මහාචාර්ය ටුවාන් මහතා යන දෙදෙනාම එවැනි සහයෝගීතාව පිළිබඳ ක්‍රියාදාමයන්ට ප්‍රමුඛතාවයක් ලබා දීම සඳහා එකඟ වූහ.

විදේශ වෙළඳ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය බුයි ඩුයි ලින් මහතා සහ ඩාවෝ හා මහත්මිය, සහාය මහාචාර්යවරුන් වන ටුවාන් මහතා සහ හුආන්ග් මහත්මියට සහාය වූ අතර, තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්/වාණිජ, ප්‍රසාදි බූමවලගේ මහත්මිය සහ භාෂා පරිවර්තක හෝවා ඩැං මහත්මිය තානාපති ගමගේ මැතිතුමා සමඟ රැස්වීම සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
හැනොයි

2021 ජනවාරි 26 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close