සෞදි අරාබි රාජ්‍යයේ නම් කළ ශ්‍රී ලංකා තානාපති සිය ධුරයේ වැඩ අරඹයි

සෞදි අරාබි රාජ්‍යයේ නම් කළ ශ්‍රී ලංකා තානාපති සිය ධුරයේ වැඩ අරඹයි

  සෞදි අරාබි රාජ්‍යයේ නම් කළ ශ්‍රී ලංකා තානාපති පකීර් අම්සා මැතිතුමා 2021 ඔක්තෝම්බර් මස 31 වන දින රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය දූත මණ්ඩල කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද චාම් උත්සවයකදී සිය ධුරයේ රාජකාරි අරඹන ලදී.

දූත මණ්ඩල කාර්යාලය වෙත පැමිණි පසු, චාන්සරි ප්‍රධානී දුල්මිත් වරුණ මහතා විසින් තානාපතිවරයා සහ එතුමාගේ භාර්යාව පිළිගන්නා ලදී.

ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා තානාපතිවරයා, එතුමාගේ භාර්යාව සහ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ නිලධාරීන් විසින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වන ලදී. ඉන් අනතුරුව තානාපතිවරයා විසින් සිය ධුරයේ වැඩ කටයුතු අරඹන ලදී.

දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ දී සංචාරක, වෙළඳ, ආයෝජන සහ රැකියා අවස්ථා ප්‍රවර්ධනය ඇතුළු සිය ඉලක්ක කාර්ය මණ්ඩලය අමතමින්, තානාපති අම්සා මැතිතුමා ඉදිරිපත් කළේ ය.

තානාපති අම්සා මැතිතුමා විදේශ අමාත්‍යාංශයේ සහ විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල විවිධ මට්ටමේ රාජකාරී පැවරුම් ඇතුළත් ව වසර 27 කට වැඩි සේවා කාලයක් පුරා විහිදුණු රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් සහිත ශ්‍රී ලංකා විදේශ සේවයේ නියුතු සාමාජිකයෙකි. වත්මන් ධූරයට පත්වීමට පෙර එතුමා විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලෙස කටයුතු කළේ ය.

එතුමා ජෝර්ජියාවට සහ යුක්රේනයට සමගාමීව අක්ත ගැන්වීම් සහිත ව තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද, බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ යුරෝපා සංගමයේ දූත මණ්ඩල ප්‍රධානී ලෙසද කටයුතු කර ඇත. එතුමා බර්ලිනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ  නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ලෙසද , චෙන්නායි හි නියෝජ්‍ය මහ කොමසාරිස් සහ ලන්ඩනයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස ද සේවය කළේ ය. එතුමාගේ රාජ්‍ය තාන්ත්‍රික පැවරුම් සිංගප්පූරුවේ සහ කයිරෝවේ ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ද ඇතුළත් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රියාද්

2021 නොවැම්බර් 02 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close