සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.2 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ රෝහල් සඳහා පරිත්‍යාග කිරීමට සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සලසන ලදී. මෙම වෛද්‍ය උපකරණ තොගය පරිත්‍යාග කිරීම සඳහා ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කළේ ය.

කොළඹ විදේශ අමාත්‍යංශයේ පැවැති සංකේතාත්මක උත්සවයක් අතරතුර දී මෙම පරිත්‍යාගය පිළිගන්වන ලදී. විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් එම පරිත්‍යාගය ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්. රත්නායක මහතා වෙත භාර දෙන ලදී.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අනුග්‍රහය යටතේ මෙම වෛද්‍ය උපකරණ තොගය මෙරටට ගෙන්වීමේ කටයුතු සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති පී.එම්. අම්සා මැතිතුමා සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් සම්බන්ධීකරණය කරන ලදී.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 ජනවාරි 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close