සිරියාවේ රාජ්‍ය තාන්ත්‍රික සමාජයේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධන වැඩසටහන

සිරියාවේ රාජ්‍ය තාන්ත්‍රික සමාජයේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධන වැඩසටහන

ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහනේ කොටසක් ලෙස, ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය හා එක්ව 2021 ඔක්තෝම්බර් 09 දින සිරියාවේ ඩමස්කස්හි ඩමා රෝස් හෝටලයේ පැවති ඩමස්කස් අන්තර්ජාතික රාජ්‍ය තාන්ත්‍රික වෙළඳ ප්‍රදර්ශනයට සහභාගි විය. රටවල් 19 ක සහභාගිත්වය අතරින් ශ්‍රී ලංකා තේ සහ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියට කැපී පෙනෙන ස්ථානයක් හිමිවිය.

සිරියාවේ අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය  ඩැරම් තබ්බා මහතා  සහ රාජ්‍ය තාන්ත්‍රික සමාජයේ  සභාපතිනි බැරී පිලිප් ගිල්ඩර් මහත්මා විසින් සාම්‍ප්‍රදායික පොල්තෙල් පහන දල්වමින් ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය විවෘත කළේය.

ප්‍රදර්ශන කුටිය නැරඹීමට පැමිණි සියලු දෙනාට ශ්‍රී ලංකා තේ රස විඳීමට අවස්ථාව ලබාදුන් අතර  තේ සාම්පල් ද පිරිනමන ලදි. මෙම ප්‍රදර්ශනයට ශාන් තේ පුද්ගලික සමාගම, මැක්රොබ් තේ පුද්ගලික සමාගම, වින්ටේජ් තේ පුද්ගලික සමාගම, සිලෝන් ටෙනි තේ පුද්ගලික සමාගම, සිලෝන් ප්‍රෙෂ් තේ පුද්ගලික සමාගම තම නිෂ්පාදන එක්කර තිබුණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බේරූට්

2021 ඔක්තෝම්බර් මස 12 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close