සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය (SLBA) සිංගප්පූරු ඩොලර් 21,717ක් වටිනා වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරය‍ි

සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය (SLBA) සිංගප්පූරු ඩොලර් 21,717ක් වටිනා වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරය‍ි

සිංගප්පූරු ඩොලර් 100,000ක් රැස් කිරීම සඳහා සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය විසින් දියත් කරන ලද මහජන අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරයක් මගින් රැස්කර ගත් අරමුදල් උපයෝගී කර ගනිමින්, සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය (SLBA) විසින් මිල දී ගන්නා ලද සිංගප්පූරු ඩොලර් 21,717ක් (දළ වශයෙන් ශ්‍රී.ලං.රු. මිලියන 3.5ක්) වටිනා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කළේය.

ශ්‍රී ලංකාවේ ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍ය වන කොවිඩ් ආශ්‍රිත වෛද්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා අරමුදල් රැස් කිරීම පිණිස සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය සිංගප්පූරුවේ ලියාපදිංචි සමූහ අරමුදල් රැස්කිරීමේ වේදිකාවක් වන රේ ඔෆ් හෝප් (ROH) සමඟ හවුල් වී ඇත. මීට අමතරව, සිංගප්පූරුවේ ලංකා ලයන්ස් ක්‍රිකට් සමාජය සහ පිම්ප් මයි ටුක් ටුක් (PMTT) සංවිධානය ද මෙම අරමුදල් රැස් කිරීමේ ප්‍රයත්න සඳහා සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයට හවුල් වී ඇත.

මෙම වෛද්‍ය සැපයුම්වල මුල් තොගය, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ලක්ෂාන්ති ප්‍රනාන්දු මහත්මිය විසින් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකා ප්‍රේමවර්ධන මැතිනිය වෙත 2021 ජුනි 24 වැනි දින භාර දෙන ලදී. මෙම අවස්ථාව සඳහා සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ උප සභාපති සේනක තිරානගම මහතා, භාණ්ඩාගාරික ආචාර්ය ලාල් ගුණසිංහ මහතා හා එහි විධායක කමිටු සාමාජිකයින් කිහිප දෙනෙකු සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහභාගී වූහ.

වෛද්‍ය සැපයුම්වල මූලික තොගය සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකා ප්‍රේමවර්ධන වෙත සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ලක්ශාන්ති ප්‍රනාන්දු මහත්මිය විසින් 2021 ජුනි 24 වන දින භාර දෙන ලදී. මෙම අවස්ථාවට සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ උප සභාපති සේනක තිරානගම මහතා, භාණ්ඩාගාරික ආචාර්ය ලාල් ගුණසිංහ මහතා සහ එහි විධායක කමිටු සාමාජිකයින් කිහිප දෙනෙකු සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහභාගී විය.

වෛද්‍ය සැපයුම්වල මෙම මූලික තොගයට, 1 CAMI Askir 36BR චූෂණ යන්ත්‍ර හය (6)ක්, Philips Respironics EverFlo 5L ඔක්සිජන් සාන්ද්‍රක හතක් (7) සහ Invacare Platinum 9L ඔක්සිජන් සාන්ද්‍රක තුනක් (3) අයත් වේ.

මෙම වෛද්‍ය සැපයුම් තොගය ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා 2021 ජූලි 01 වැනි දින සිංගප්පූරුවේ සිට පිටත්ව ගිය යූඑල් 1429 ගුවන් යානය මඟින් නොමිලයේ ශ්‍රී ලංකාව වෙත ගුවනින් එවීම සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් පහසුකම් සපයන ලදී.

මේ සඳහා ලබා දී ඇති විශිෂ්ට සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ (SLBA) මහජන අරමුදල් රැස්කිරීමේ වැඩසටහනට දායක වූ සියලුම පරිත්‍යාගශීලීන්ට, සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයට, නොමිලේ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා සිය  කැමැත්තෙන් එකඟ වූ ශ්‍රී ලාංකික ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරාජ් මහතාට සහ එහි ප්‍රාදේශීය කළමනාකරු මොහාන් මීගොල්ල මහතාට, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට සිය අවංක අගය කිරීම ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

සිංගප්පූරුව

2021 ජූලි 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close