සමුද්‍රීය ආර්ථිකය, පුනර්ජනනීය බලශක්තිය සහ ඛනිජ සම්පත් පිළිබඳ ශ්‍රී ලංකා වෙළඳපල ගවේෂණය කිරීමට පැරිසියේ ආයෝජකයින්ට අවස්ථාවක්

සමුද්‍රීය ආර්ථිකය, පුනර්ජනනීය බලශක්තිය සහ ඛනිජ සම්පත් පිළිබඳ ශ්‍රී ලංකා වෙළඳපල ගවේෂණය කිරීමට පැරිසියේ ආයෝජකයින්ට අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සඳහා යොදා නොගත් වෙළඳපොල සදහා ආයෝජකයින්ට අවස්ථාව තිබෙන බව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙබිනාර් සාකච්ඡාවකදී අනාවරණය කෙළේය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම් අමිල දිසානායක මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ ග්‍රැපීන් ව්‍යාපෘතිවල වියහැකි වෙළඳපොළ අවස්ථා පිළිබඳව දිසානායක මහතා නැවත අවධාරණය කළේය. ප්‍රංශයේ මූව්මන්ට් ඩෙස් එන්ටප්‍රයිසස් ඩි ෆ්‍රාන්ස් (MEDEF) සහ ජාත්‍යන්තර සමුද්‍ර කාර්ය සාධක බලකායද මෙම සාකච්ඡාවට එක්ව සිටියේය. මෙම රැස්වීමේ දී ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ක්ෂනිකා හිරිඹුරේගම මැතිනිය සමුද්‍රීය ආර්ථිකය, ස්වාභාවික වායු සම්පත් සහ ග්‍රැෆයිට්/ග්‍රැපීන් යන ක්ෂේත්‍රවල අවස්ථා රාශියක් පවතින බව සහ එම ක්ෂේත්‍රවලට අදාළ සමාගම්වල ආයෝජකයින් සඳහා පවතින අවශ්‍යතාව අවධාරණය කළාය.

මෙඩෙෆ් ඉන්ටර්නැෂනල් හි අධ්‍යක්ෂ බොග්ඩන් ගැඩෙන්-ෆියර්ට්චක් මහතා බලශක්ති කාර්යක්ෂමතාව සහ පරිවර්තන ක්‍රියාවලිය පිළිබඳ ප්‍රංශ විශේෂඥතාව මෙන්ම, ග්‍රැපීන් සමඟ කටයුතු කිරීම තුළ ප්‍රංශයේ පැවැත්ම (ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ) පිළිබඳව ඉස්මතු කළේය.

වසංගත තත්ත්වය මධ්‍යයේ පවතින ගමන් කොන්දේසිවලට අනුව, නුදුරු අනාගතයේ දී මෙඩෙෆ් ව්‍යාපාරික කවුන්සිලය විසින් ප්‍රංශ සමාගම් 20 කින් සමන්විත ව්‍යාපාරික දූත පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙන යන බවට දෙපාර්ශ්වයම එකඟ වූහ. මෙම සංචාරය සඳහා සූදානම් වීම පිණිස තානාපති කාර්යාලය වෙබිනාර් සාකච්ඡා හා අතථ්‍ය රැස්වීම් මාලාවක් සඳහා සම්බන්ධීකරණය හා පහසුකම් සැපයීම සිදු කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
පැරිස්

2021 මැයි මස 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close