සමාජ මාධ්‍යවල සංසරණය වන එල්ටීටීඊ ලාංඡනය සහිත ව්‍යාජ “නයිකි (NIKE)” සපත්තු වීඩියෝව

සමාජ මාධ්‍යවල සංසරණය වන එල්ටීටීඊ ලාංඡනය සහිත ව්‍යාජ “නයිකි (NIKE)” සපත්තු වීඩියෝව

සමාජ මාධ්‍යවල සංසරණය වන “NIKE” සහ “LTTE” ලාංඡනය සහිත සපත්තු යුගලයක වීඩියෝවක් වෙත මෙම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

වීඩියෝ පටයේ දැක්වෙන සපත්තු NIKE විසින් නිෂ්පාදනය කර නොමැති බවත්,  මේ පිළිබඳව නයිකි සමාගමෙන් කරන ලද විමසීමක දී තහවුරු කර ඇත.

බුද්ධිමය දේපල අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව සොයා බැලීමටත්, සමාගම් පරිචය අනුව සුදුසු බලාත්මක කිරීමක් සිදු කිරීමටත් විමර්ශනය කරන බව නයිකි සමාගම තවදුරටත් දැනුම් දී ඇත.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 ජූලී 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close