ශුද්ධාසනයේ නියෝජිතවරයා විදේශ අමාත්‍යතුමා හමුවී පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාර‍යේ පරීක්ෂණ කටයුතු පිළිබඳව සාකච්ඡා කරයි

ශුද්ධාසනයේ නියෝජිතවරයා විදේශ අමාත්‍යතුමා හමුවී පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාර‍යේ පරීක්ෂණ කටයුතු පිළිබඳව සාකච්ඡා කරයි

ශ්‍රී ලංකාව සඳහා ශුද්ධාසනයේ නියෝජිත (වතිකානු තානාපති) ගරු බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමා අගෝස්තු 31 වැනි අඟහරුවාදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමු විය.

මෙම හමුවේ දී, අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තම පළමු රාජකාරිය වූයේ, එවකට ආරක්ෂක ලේකම් සහ වත්මන් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ත්‍රිවිධ හමුදාව විසින් ඉදිකරන ලද, මීගමුව බෝලවලානේ පිහිටි XVI වැනි බෙනඩික්ට් කතෝලික ආයතනයට උපාධි පිරිනැමීමේ තත්ත්වය පිරිනැමීම බව විදේශ අමාත්‍යතුමා පැහැදිලි කළේය. අධ්‍යාපනය ලබා දීම සඳහා පමණක් නොව, සමාජයේ අඩු වරප්‍රසාද ලත් කොටස් සඳහා සමාජ සමානාත්මතාවය වර්ධනය කිරීම සඳහා ද මෙම ආයතනය පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව අමාත්‍යවරයා අවධාරණය කළේය.

සිදු වූ ව්‍යසනකාරී හා බිහිසුණු ඛේදවාචකය සහ කතෝලික පල්ලිය විසින් විඳින ලද දැඩි වේදනාවන් සහ පීඩා පිළිබඳව  සිය බලවත් කණගාටුව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, කතෝලික පල්ලියේ හැඟීම් පිළිබඳව එතුමා අවබෝධ කරගෙන සිටින බවත්, වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒම සඳහා යුක්තියේ අවශ්‍යතාවය පිළිබඳවත් සඳහන් කළේය.

දැනට සිදු කෙරෙන පරීක්ෂණයේ සංවේදී ස්වභාවය පිළිබඳව සඳහන් කරමින්, ගැටලු විසඳා ගැනීමට පහසුකම් සැලසීමේ අදහසින් යුතුව අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් සහ කතෝලික රදගුරු සම්මේලනය සමඟ හැකි ඉක්මනින් දැනුවත් සාකච්ඡාවක් පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව අමාත්‍යවරයා අවධාරණය කළේය.

කතෝලික පල්ලියේ අවංක චේතනාව හා දරාගත නොහැකි වේදනාව සහ එහි නිර්මල අභිප්‍රායයන් පිළිබඳව රජය හොඳින් අවබෝධ කරගෙන සිටින බව අමාත්‍යවරයා පැවසීය.

ලබන සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ ඉදිරි සැසිවාරය සහ 2021 සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පිළිබඳව ඉස්මතු කරමින්, කතෝලික පල්ලියේ අව්‍යාජ චේතනාවන්ට පටහැනි ලෙස තම අවශ්‍යතා සඳහා තත්වය උපයෝගී කර ගැනීමට උත්සාහ දරන සමහර කණ්ඩායම් කෙරෙහි අමාත්‍යවරයා අවධානය යොමු කළේය. කතෝලික පල්ලියේ පිරිසිදු චේතනාවන් දේශීය හෝ ජාත්‍යන්තර වශයෙන් පැහැර නොගැනීම සඳහා සෑම ප්‍රයත්නයක්ම දැරිය යුතු බව අමාත්‍යවරයා පැවසීය.

සුළුතරයක් වුවද, ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය සහ කතෝලිකයන් අවධානයට ලක්වීම පිළිබඳව සිය අවංක ස්තූතිය පළ කරන අතරම, මේ හා සමාන පිළිගැනීමක් වෙනත් රටවල දී කතෝලිකයින්ට ලබා දෙනු තමා දුටුවේ නැති බව පාප් වහන්සේගේ නියෝජිතතුමා සඳහන් කළහ.

පල්ලියේ නියෝජිතයින් සමඟ රජයට අදාළ ගැටලු සාකච්ඡා කළ හැකි වන පරිදි, රදගුරු සම්මන්ත්‍රණ කමිටුව සමඟ ඉක්මනින් රැස්වීමක් සංවිධානය කිරීම සඳහා ශුද්ධාසනයේ නියෝජිතතුමා යෝජනා කළේය.

මෙම අවස්ථාව අගය කරන බව පැවසූ අමාත්‍යවරයා, පල්ලිය සමඟ කෙරෙන සාකච්ඡාවේ දී උපරිම තොරතුරු ලබා දීම සඳහා රජය නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවලින් සියළුම තොරතුරු රැස් කරන බව පැවසීය.

ශුද්ධාසනයේ නියෝජිතතුමා විදේශ අමාත්‍යවරයාගේ නව රාජකාරිය සියලු ආකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළේය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 සැප්තැම්බර් 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close