ශ්‍රී ලංකා විදේශ සේවයේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2020 (2021)

ශ්‍රී ලංකා විදේශ සේවයේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2020 (2021)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, අංක 2/223 හා 2021.04.09 දින පළවූ ගැසට් නිවේදනයේ “I වැනි කොටස: I වැනි ඡේදය - නිවේදන යට‍තේ ශ්‍රී ලංකා විදේශ සේවයේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2020 (2021) ට අදාළව පහත සඳහන් සංශෝධන සඳහා රාජ්‍ය සේවා‍ කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇති බව විදේශ අමාත්‍යාංශය විසින් මෙයින් දැනුම් දෙනු ලැබේ.

සංශෝධනය

ශ්‍රී ලංකා විදේශ සේවා විභාගය සඳහා අයදුම්පත් කැඳවමින්, ඉහත පළවූ ගැසට් නිවේදනයේ 08 (III) වගන්තියේ සඳහන් අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2021.06.04 දක්වා දීර්ඝ කර ඇති බව මෙයින් දන්වමි.

තවද, නිවේදනයේ  04 වගන්තියේ  සඳහන් උපරිම වයස් සීමා‍වන් මුල් ගැසට් නිවේදනයේ ‍ සඳහන් අයදුම්පත් කැඳවීමේ අවසන් දිනයට (10.05.2021 ) බලපැවැත්වෙන  පරිදි නොවෙනස්ව පවතිනු ඇත.

  දින දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය වෙත http://documents.gov.lk/files/gz/2021/5/2021-05-21(I-IIA)S.pdf වෙබ් සබැදිය ඔස්සේ පිවිසිය හැක.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 මැයි 21වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close