ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු පළමු වරට ඉන්දුනීසියාවේ ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධි සඳහා ශිෂ්‍යත්ව ලබා ගනී

 ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු පළමු වරට ඉන්දුනීසියාවේ ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධි සඳහා ශිෂ්‍යත්ව ලබා ගනී

ඉන්දුනීසියාවේ ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (IDU) ආරක්ෂක රාජ්‍යතාන්ත්‍රික (ජාත්‍යන්තර) ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු වන, ලුතිනන් කර්නල් ජනක රණවීර මහතා සහ ලුතිනන් කර්නල් කෝසල විජේකෝන් මහතා, 2021 සැප්තැම්බර් 02 දින ජකර්තා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති යසෝජා ගුණසේකර මැතිනිය හමුවිය. ශ්‍රී ලංකා හමුදා පුහුණු ඉතිහාසයේ, ඉන්දුනීසියානු ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් ශ්‍රී ලංකා හමුදාවට ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනමන ලද පළමු අවස්ථාව මෙය වේ. මෙම හමුව සඳහා අමාත්‍ය උපදේශක (ආරක්ෂක) කොමදෝරු නලින්ද්‍ර ජයසිංහ මහතා ද සහභාගී විය.

2021 අගෝස්තු 30 වැනි දින ඉන්දුනීසියානු ජනරජයේ ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් වෘත්තීය, ශාස්ත්‍රපති, ශාස්ත්‍රපති සහ ආචාර්ය අධ්‍යාපන වැඩසටහන්වල විවෘත කිරීමේ උත්සවය සෙන්තුල් බොගෝර් හි ඉන්දුනීසියානු ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උත්සව භූමියේ දී පැවැත්වීය. ඉන්දුනීසියානු ජනරජයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ලුතිනන් ජෙනරාල් මුහම්මද් හෙරීන්ද්‍ර මැතිතුමා මෙම අවස්ථාවට සහභාගී විය. නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ ඉන්දුනීසියානු ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති වයිස් අද්මිරාල් මහාචාර්ය ආචාර්ය අමරුල්ලා ඔක්ටේවියන් මහතා ද එක් විය. ශාස්ත්‍රපති වැඩසටහන සඳහා ශිෂ්‍යත්ව ලබා ගත් ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරින් දෙදෙනා ද මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූහ.

විවෘත කිරීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකාව (හමුදා නිලධාරීන් 2), නයිජීරියාව (හමුදා නිලධාරීන් 2 ක් සහ රජයේ නිලධාරියෙක් 1), පාකිස්තානය (හමුදා නිලධාරින් 1), සිම්බාබ්වේ (හමුදා නිලධාරින් 1 ක් සහ පොලිස් නිලධාරීන් 2 ක්) සහ ලාඕස් මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (හමුදා නිලධාරීන් 2) යන මිත්‍ර රටවල් 5 ක ශිෂ්‍යත්ව ලාභීන් 11 දෙනෙක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජකර්ත‍ා

2021 සැප්තැම්බර් මස 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close