ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දෝහා හි සිටින අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් වෙත අත්‍යාවශ්‍ය ආධාර ද්‍රව්‍ය බෙදා දෙයි

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දෝහා හි සිටින අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් වෙත අත්‍යාවශ්‍ය ආධාර ද්‍රව්‍ය බෙදා දෙයි

IMG_4947

දෝහා හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ පාන දුෂ්කරතා අවම කිරීම සඳහා දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් අවශ්‍යතා ඇති ශ්‍රී ලංකික ප්‍රජාවට වියළි ආහාර සලාක සහ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම අඛණ්ඩව සිදු කරයි.

 විදේශ සබඳතා අමාත්‍යංශය විසින් යවා ඇති ආධාර ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6700 ක්(ඇසුරුම් 1000ක්) 2020 ජුනි 21 දින තානාපති කාර්යාලයට ලැබී තිබේ. මෙම ආධරක කට්ටල ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් භාණ්ඩ ප්‍රවාහන විශේෂ යාත්‍රාවක් මගින්, 2020 ජුනි 21 වැනි දින පිරිවැය රහිතව දෝහා වෙත රැගෙන යාම සදහා දායකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය විදේශ අමාත්‍යංශය වෙත සිය සහයෝගීතාවය ලබා දී ඇත. තානාපති කාර්යාලය විසින් මෙම ආධාරක කට්ටල දෝහා හි වෙසෙන අවශ්‍යතා ඇති  ශ්‍රී ලාංකිකයන්ට බෙදා දීමට නියමිතය.

මීට අමතරව, දෝහා හි ශ්‍රී ලාංකික සංගම්, කටාර් පුණ්‍යායතනය, කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යංශය යන ආයතනවල සහාය ඇතිව මෙම තානාපති කාර්යාලය මේ වන විට වියළි ආහාර සලාක ඇසුරුම් 5000ක් බෙදා දී තිබේ.

අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකික ප්‍රජාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දෙන අතරතුර, ජනාධිපති ලේකම් කාර්යාලය හා කටාර් රජය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ විදේශ අමාත්‍යංශය දෝහා හි වෙසෙන වඩාත් අවධානමට ලක්ව ඇති ශ්‍රී ලාංකිකයන් ඉවත් කිරීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටියි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,

දෝහා

2020 ජුනි 22

IMG_4946 IMG_4948

Print Friendly, PDF & Email
Please follow and like us:

Close