ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජෝර්දානයේ SOS ළමා ගම්මානයේ දී ජාත්‍යන්තර ළමා දිනය සමරයි

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජෝර්දානයේ SOS ළමා ගම්මානයේ දී ජාත්‍යන්තර ළමා දිනය සමරයි

ඔක්තෝබර් 1 වැනි දිනට යෙදී තිබූ ජාත්‍යන්තර ළමා දිනය සැමරීම සඳහා, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිනිය සහ කාර්ය මණ්ඩලය ජෝර්දානයේ තාබර්බෝර් හි SOS ළමා ගම්මානයේ ළමුන් බැලීමට ගියහ. තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද අන්තර් ක්‍රියාකාරී මැජික් සංදර්ශනයක් සඳහා වයස අවුරුදු 1 සිට 16 දක්වා වයස් කාණ්ඩයේ ළමුන් පනස් එක් දෙනෙකු සම්බන්ධ කර ගන්නා ලදි.

තානාපති ශානිකා දිසානායක මැතිණිය සහ කාර්ය මණ්ඩලය ළමුන්ට තෑගි බෙදා දුන්හ. තවද, SOS ගම්මානයේ පුස්තකාලය සඳහා පුවරු ක්‍රීඩා භාණ්ඩ සහ පොත් පත් ද පරිත්‍යාග කෙරිණි. තාබර්බෝර් හි SOS ගම්මානය, අනාථ දරුවන් සහ අවදානමට ලක්විය හැකි පසුබිම්වලින් පැමිණෙන දරුවන්ගේ නිවහනයි.

උත්සවය අවසන් වූයේ තානාපති කාර්ය මණ්ඩලය විසින් දරුවන්ට සාම්ප්‍රදායික ආහාර හා අතුරුපස සංග්‍රහ කිරීමෙනි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ජෝර්දානය     

 2021 ඔක්තෝබර් මස 08 වැනි දින

Please follow and like us:

Close