ශ්‍රී ලංකා ජලජ නිෂ්පාදන සදහා ගුවන්ෂුහි වෙළඳපොළ විවෘත වන ලකුණු

ශ්‍රී ලංකා ජලජ නිෂ්පාදන සදහා ගුවන්ෂුහි වෙළඳපොළ විවෘත වන ලකුණු

ශ්‍රී ලංකා ධීවර නිෂ්පාදන සඳහා ගැනුම්කරුවන් සොයා ගැනීමේදී සහාය ලබාදීමට ගුවන්ෂුහි ජලජ නිෂ්පාදන වාණිජ මණ්ඩලය එකඟ වී තිබේ. ඉකුත් මැයි මස 25 වනදා ගුවන්ෂුහි ජලජ නිෂ්පාදන වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජලජ නිෂ්පාදන හුවමාරු වැඩසටහනට ගුවන්ෂූහි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් ප්‍රියංගිකා ධර්මසේන මහත්මියද සහභාගි වී සිටි අතර එහිදි දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාව ඇති වී තිබේ. තායිලන්තයේ කොන්සල් ජෙනරාල් සහ වියට්නාමය, ලාඕසය, කාම්බෝජය, ඉක්වදෝරය සහ පිලිපීනය යන රටවල නියෝජිතයන් මේ රැස්වීමට සහභාගි විය. චාඕෂාන් මුහුදු ආහාර ආපනශාලාව විවෘත කිරිමට සමගාමිව මෙය සංවිධානය කර තිබුණි.

එහිදී කොන්සල් ජනරල් ධර්මසේන මහත්මිය ගුවන්ෂුහි ජලජ නිෂ්පාදන වාණිජ මණ්ඩලයේ සභාපති එරික් සෙන් මහතා සමග ධීවර සහයෝගිතාවය පිළිබඳ සාකච්ඡාවක් පවත්වන ලදි. ශ්‍රී ලංකා ධීවර නිෂ්පාදන සඳහා ගැනුම්කරුවන් සොයා ගැනීමේදී සහය ලබාදීම පිණිස සිය සහයෝගය ලබා දිමට වාණිජ මණ්ඩලය ඉදිරිපත් විය. රාත්‍රී භෝජන සංග්‍රහයේදී මුහුදු ආහාර කාර්යක්‍රම සහ සැපයුම් දාම සමාගම්වල නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීම පිණිස අවස්ථාව උදා විය. ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන්ම කකුළුවන්, පොකිරිස්සන් සහ ඉස්සන් වැනි ක්‍රස්ටේසියාවන් චීනයට අපනයනය කරයි.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ගුවන්ෂු

2021 ජූනි මස 08 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close