ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අනාගත සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරයි

ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අනාගත සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරයි

Pic

 

ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අනාගත සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරයි:

කුවේට් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සහායක අලි සුලෙයිමාන් අල්-සයීඩ් මහතා 2018 ජූලි 24 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා බැහැදුටුවේය.

මීට අමතරව, කුවේට් නියෝජිත පිරිස කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද්විපාර්ශ්වික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් සුමිත් නාකන්දල මහතා සහ විදේශ අමාත්‍යාංශයේ හා සෙසු ආයතනවල නිලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය. ද්විත්ව බදුකරණය වැලැක්වීම;  සංස්කෘතික, ජනමාධ්‍ය, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ තාක්ෂණික ක්ෂේත්‍රවල සහයෝගීතාව; ආයෝජන ප්‍රවර්ධනය සහ අන්‍යොන්‍ය වශයෙන් ආරක්ෂා කිරීම; ශ්‍රමිකයන් බඳවාගැනීම හා මිනිස්බල සංවර්ධනය යනාදිය පිළිබඳව දෙරට අතර ඇති කරගෙන ඇති ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සාකච්ඡාවට බඳුන් විය. අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදලෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතිවලට සහය ලබාදීම මෙන්ම ශ්‍රී ලංකාවේ කෙරෙන අනාගත කුවේට් ආයෝජන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.  මොරගහකන්ද වාරිමාර්ග සහ කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතිය සහ මොරගොල්ල ජලවිදුලිබල ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති 15 ක් සඳහා කුවේට් ඩිනාර් මිලියන 77 ක් (එක්සත් ජනපද ඩොලර් මිලියන 256 ක්) මේ දක්වා කුවේට් රාජ්‍යයෙන්  ශ්‍රී ලංකාවට ණය වශයෙන් ප්‍රදානය කොට තිබේ.

 

2018 ජූලි 24 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close