ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරිමට ඉන්දියාව එකඟ වෙයි

ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරිමට ඉන්දියාව එකඟ වෙයි

ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රංශයේ ඉන්දියානු තානාපති ජාවෙඩ් අෂ්රෆ් මහතා සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතනි මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මහත්මිය ප්‍රංශයේ ඉන්දියානු තානාපතිවරයා පැරිසියේ පිහිටි ඉන්දියානු තානාපති කාරියාලයේදී හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් ද්විත්වය අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවය පිළිබඳව සාකච්ඡා අතරතුර, ශ්‍රී ලංකාව ඉන්දියාව ඔවුන්ගේ “වැඩිමහල් සහෝදරයා” ලෙස දකින බව මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මහත්මිය අවධාරණය කළාය. තානාපතිවරුන් දෙපළ, ප්‍රංශය සමග ඇති සිය සබඳතා පිළිබඳව මෙන්ම, ෂඩාස්‍රය හෙවත් ප්‍රංශය සමග හවුල්කාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට කටයුතු කළ හැකි සහයෝගීතා ක්ෂේත්‍රයන් පිළිබඳව තවදුරටත් අදහස් හුවමාරු කර ගත්හ.

ශ්‍රී ලංකාව, දූපතක් වීම හා ප්‍රංශය සමුද්‍රීය රටක් වීම නිසා සාගරය අවට ව්‍යාපෘති සංවර්ධනය කිරීම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වනු ඇත. සාගර ආර්ථිකය, තිරසර ශක්තීන් සහ ජෛව විවිධත්ව ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘති සඳහා ඉන්දියාවේ කැපවීම ජාවෙඩ් අෂ්රෆ් මහතා එහිදී සහතික කළේය. ඉන්දියාව සහ ප්‍රංශය, 2021-22 වසර ඉන්දු-ප්‍රංශ පාරිසරික වර්ෂය ලෙසින් හඳුන්වා දී ඇති බව එතුමා දැනුම් දුන්නේ ය. ශ්‍රී ලංකාව සතුව පාරිසරික වශයෙන් සාකච්ඡාවට බඳුන් කළ යුතු කරුණු ගණනාවක් ඇතැයි තමන් විශ්වාස කරන බවද සඳහන් කරමින්, සෑම සංචාරයකදීම ශ්‍රී ලංකාවේ පිරිසිදු හරිත වටපිටාව පිළිබඳව තමන් තුළ පැහැදීමක් ඇති වන බව ඉන්දීය තානාපතිවරයා ප්‍රකාශ කළේය.

අනතුරුව ඔවුහු, ප්‍රංශය සමඟ තම තමන්ගේ විද්‍යාත්මක සහයෝගීතාවය පිළිබඳව සහ ප්‍රංශයේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා වූ ප්‍රංශ ජාතික මධ්‍යස්ථානය (CNRS) සහ ප්‍රංශ සංවර්ධන ඒජන්සිය (AFD).වැනි ප්‍රංශයේ සුප්‍රසිද්ධ ආයතන කිහිපයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවස්ථා පිළිබඳව සිය අදහස් හුවමාරු කර ගත්හ.

එළඹෙන ගිම්හාන කාලය වන විට යම් අභිවෘර්ධියක් ඇති වේ යැයි යන අපේක්ෂාව සමඟින්, කෝවිඩ්-19 තත්ත්වය පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණි. එන්නත් කිරීමේ වැඩසටහන ඉතා උනන්දුවෙන් ආරම්භ කිරීමට හැකි වන පරිදි, ශ්‍රී ලංකාවට එන්නත් පරිත්‍යාග කිරීම පිළිබඳව තානාපතිනි හිරිඹුරේගම මහත්මිය ඉන්දීය තානාපතිවරයාට සිය කෘතඥතාවද පළ කළාය.

මහත්මා ගාන්ධි මහතාගේ සේයාරුවක් අභියස තානාපතිවරුන් දෙපළ ඡායාරූපයට පෙනී සිටීමෙන් හා අනාගත සහයෝගීතාවය ශක්තිමත් කිරීමට සිය අභිලාශය යළි තහවුරු කරමින්, මෙම හමුව අවසන් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
පැරිස්

2021 පෙබරවාරි මස 23 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close