ලක්සම්බර්ග් මහා ආදිපාද රාජ්‍යය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන නව දිල්ලි නුවර සිටින ලක්සම්බර්ග් හි අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් පෙගී ෆ්රැන්ට්සන් මැතිනිය පත් කොට ඇත. එතුමිය 2022 නොවැම්බර් 11 වැනි දින පෙ.ව. 10.00 ට කොළඹ 01 පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.
විදේශ කටයුතු අමාත්‍යංශය
කොළඹ
2022 නොවැම්බර් 11 වැනි දින
Please follow and like us: