ශ්‍රී ලංකාව සඳහා බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත්කිරීම

ශ්‍රී ලංකාව සඳහා බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත්කිරීම

 ශ්‍රී ලංකා රජයේ එකඟතාවයෙන් යුතුව, බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ රජය විසින් එලිසබෙත් සොෆී මැසෙල්ලා ඩි බොස්කෝ බල්සා මැතිනියගේ අනුප්‍රාප්තිකයා ලෙස, සර්ජියෝ ලුයිස් කැනේස් මැතිතුමා ශ්‍රී ලංකාව සඳහා බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත් කරනු ලැබ ඇත. එතුමා 2020 මැයි 14 දින පෙ.ව. 11.00 ට ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිරිනැමීය.

ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වරට මෙම අක්තපත්‍ර පිරිනැමීම වීඩියෝ සම්මන්ත්‍රණ උත්සවයක් හරහා සිදුකරන ලදී.

විදේශ සබඳතා අමාත්‍යාංශය
ජනරජ ගොඩනැගිල්ල
කොළඹ 01
Print Friendly, PDF & Email
Please follow and like us:

Close