ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීම

ශ්‍රී ලංකා රජයේ එකඟතාවයෙන් යුතුව, ඉන්දීය ජනරජයේ රජය විසින් තරංජිත් සිං සන්ධු මැතිතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස, ගෝපාල් බග්ලේ මැතිතුමා ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කරනු ලැබ ඇත. එතුමා 2020 මැයි 14 දින පෙ.ව. 11.00 ට ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිරිනැමීය.

ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වරට මෙම අක්තපත්‍ර පිරිනැමීම වීඩියෝ සම්මන්ත්‍රණ උත්සවයක් හරහා සිදුකරන ලදී.

විදේශ සබඳතා අමාත්‍යාංශය
ජනරජ ගොඩනැගිල්ල
කොළඹ 01
Print Friendly, PDF & Email
Please follow and like us:

Close