ශ්‍රී ලංකාව ලෝකයේ නවෝත්පාදන මධ්‍යස්ථනයක් කිරිම අරමුණයි

ශ්‍රී ලංකාව ලෝකයේ නවෝත්පාදන මධ්‍යස්ථනයක් කිරිම අරමුණයි

 ශ්‍රී ලංකාව “ගෝලීය නවෝත්පාදන මධ්‍යස්ථානයක්” ලෙස ප්‍රවර්ධනය කිරීමට ලෝකයේ කර්මන්තකරුවන් ගේ හා නිෂ්පාදන සමාගම්වල සහය ලබා දෙන්නැයි පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශෝබිනි ගුණසේකර මහත්මිය ඉල්ලා සීටියි. දෙරට අතර තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (IT-BPM) කර්මාන්තයේ සහයෝගීතාව සඳහා පවතින අවස්ථා පිළිබඳව සොයා බැලීම සඳහා පැවැති රැස්වීමකදී ඇය මේ බව සඳහන් කළාය. 2020 සැප්තැම්බර් 7 වැනි දින පැවැති මෙම රැස්වීමට ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම්වල සංගමය (SLASSCOM) සහ පිලිපීනයේ තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි සංගමය (IBPAP) සහභාගී වූහ.

මෙම රැස්වීමේ දී, ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර සැකසුම් කළමනාකරණ සංවිධාන දෙක නියෝජනය කළ SLASSCOM හි උප සභාපති අෂික් අලි සහ IBPAP හි සභාපති රේ උන්ටාල් යන මහත්වරු, විශේෂයෙන් ගෝලීය ප්‍රවණතාවලට අනුකූලව ශ්‍රම බලකායේ නිපුණතාව ඉහළ නැංවීම යන මාතෘකාව ඇතුළුව, මෙම කර්මාන්තයේ සහයෝගීතාව උත්තේජනය කිරීම සඳහා ඔවුන්ගේ ආයතනවලට ඕනෑම කටයුත්තක් විධිමත් කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව ක්‍රියාකාරීව සාකච්ඡා කර අදහස් හුවමාරු කරගත්හ.

පිලිපීන-එච්ජීඑස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී පුෂ්කර් මිස්රා මහතා, මෙම තොරතුරු දැනගැනීමේ සැසිය සංවිධානය කිරීම පිළිබඳව තානාපති කාර්යාලයට සිය කෘතඥතාව පළ කළේය. ඉන්දියාවේ සිට පැමිණි සිය සගයන් සමඟ එක්ව, සහයෝගීතාව සහ ආයෝජන සඳහා වියහැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් SLASSCOM සමඟ තවදුරටත් කටයුතු කිරීම සඳහා මෙන්ම, ගෝලීය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකාවට ඔවුන්ගේ මෙහෙයුම් සපුරාලිය හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු කරමින් තොරතුරු තාක්ෂණ - ව්‍යාපාර ක්‍රියාවලි බාහිර සේවා සැපයීමේ කර්මාන්තයේ සුදුසු හවුල් ව්‍යාපාර කටයුතුවල නිරත වීම සඳහා ඔහු දක්වන උනන්දුව ද සඳහන් කළේය.

හින්දුජා ග්ලෝබල් සොලියුෂන්ස් යනු හින්දුජා සමූහය යටතේ පවතින ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සංවිධානයකි. පිලිපීනයේ එහි අනුබද්ධිත සමාගමක් වන පිලිපීන-එච්ජීඑස් සමාගමේ, දිවයින පුරා ඔවුන්ගේ ව්‍යාපාර ක්‍රියාවලි බාහිර සේවා සැපයීමේ මධ්‍යස්ථානවල සේවකයින් 11,000 ක් 2004 වසරේ සිට සේවය කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
මැනිලා

2020 නොවැම්බර් 30 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close