ශ්‍රී ලංකාව බ්‍රසීලයේ ගොයියයිස්  ප්‍රාන්තය සමඟ වාණිජ්‍ය සබඳතා ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකාව බ්‍රසීලයේ ගොයියයිස්  ප්‍රාන්තය සමඟ වාණිජ්‍ය සබඳතා ප්‍රවර්ධනය කරයි

බ්‍රසීලයේ ප්‍රමුඛතම ආර්ථික මධ්‍යස්ථාන සමඟ ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක්‍රියාත්මක කරන වැඩසටහනේ අංගයක් ලෙස, බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මැතිතුමා 2022 සැප්තැම්බර් 19වැනි දින ගොයියයිස් ප්‍රාන්තයේ සංචාරයක නිරතවිය.ගොයියයිස් යනු බ්‍රසීලයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රාන්තවලින් එකක්වන අතර, එහි දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන42 ඉක්මවයි. තවද, එය වාණිජ්‍ය කටයුතු, කෘෂිකර්මාන්තය, පශුසම්පත්, පතල් කැණීම් සහ ආහාර නිෂ්පාදනය යන ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන්  ප්‍රමුඛත්වයක් උසුලන රාජ්‍යයකි.තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක (වාණිජ්‍ය) සීවලී විජේවන්ත මහතා ද තානාපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා සහභාගී විය.

ගොයියයිස් හිගොයියානියා හි පිහිටි වාණිජ්‍ය, කර්මාන්ත සහ සේවා සංගමයේ (ACIEG) මූලස්ථානයේදී එහි සභාපති රූබන්ස් ෆිලේටි මහතා විසින් තානාපතිවරයා උණුසුම්ලෙස පිළිගන්නා ලදි.තානාපති දසනායක මැතිතුමා මෙම සාකච්ඡාව අතරතුර ගොයියයිස් ප්‍රාන්තයේ කාර්මික අංශය සමඟ සහ විශේෂයෙන්ම ඖෂධ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා, සංචාරක ව්‍යාපාරය සහ රබර් ආශ්‍රිත කර්මාන්ත සමඟ සමීපව කටයුතුකිරීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳව අවධාරණය කළේය. බ්‍රසීල ආයෝජකයන්ට විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගරය සහ හම්බන්තොට කර්මාන්ත  කලාපය තුළ ආයෝජන අවස්ථා පවතින බවද එතුමා මෙහිදී දැනුම්දුන්නේය.

ශ්‍රී ලංකාව සහ ගොයියයිස් ප්‍රාන්තය අතර ව්‍යුහාත්මක  ලෙස වාණිජ කටයුතු ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වාණිජ මණ්ඩලයක් සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට ද ACIEG සංවිධානය එකඟවිය. ඒ අනුව යෝජිත අවබෝධතා ගිවිසුම 2022 වසර අවසන්වීමට පෙර අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වය සිය එකඟත්වය පළ කළහ. ACIEG හි ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරුන් වන ජොසේ බ්‍රෙනෝ සහ අකිරානි නෝමියා යන මහත්වරුද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

බ්‍රසීලයේ ඖෂධ අවශ්‍යතාවලින් 40%කට අධික ප්‍රමාණයක් ඇනපොලිස් නගරය තුළ නිෂ්පාදනය කිරීම සැලකිල්ලට ගනිමින්, බ්‍රසීල සමාගම්වලට ශ්‍රී ලංකාවේ ඖෂධ ක්ෂේත්‍රය තුළ ආයෝජනය කිරීම සඳහා පවතින හැකියාව සොයා බැලීම අරමුණ වූ මෙම හමුව ඇනපොලිස්හි ගොයියයිස් ප්‍රාන්තයේ (FIEG) කර්මාන්ත සම්මේලනයේ කලාපීය කාර්යාලයේ දී පැවැත්විණි.තානාපතිවරයා ඖෂධ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින විදේශ ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ මෙම සංගමයේ  ඇනපොලිස් කලාපයේ සභාපති විල්සන් ඩිඔලිවේරා මහතා බ්‍රසීලයේ ඖෂධ සමාගම්වලට ශ්‍රී ලංකාවේආයෝජන අවස්ථා ගවේෂණය කළහැකිබව සඳහන් කළේය.ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී බ්‍රසීල සමාගම් සඳහා මෙරට පවතින පහසුකම් පිළිබඳව තොරතුරු ලබාගන්නා ලෙස තානාපතිවරයා ඔවුන්ට ආරාධනා කළේය.විදේශ වෙළෙඳ කවුන්සිලයේ සභාපති විලියම් ලෙයිසර් ඕ’ ඩ්වයර් සහ ගොයියයිස්  ප්‍රාන්තයේ ඖෂධ කර්මාන්ත හවුලේ විධායක සභාපති  මාර්ල් හෙන්රික්  සුවාරෙස් යන මහත්වරුද මෙම හමුව සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණ සහිතව,ශ්‍රී ලංකා නියෝජිත පිරිස ගොයියයිස් ප්‍රාන්තයේ සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ (ABAV-GO) සභාපති එලීනා මයර්ලස් මහතා සමඟද හමුවක් පැවැත්වීය. 2022 නොවැම්බර් මාසයේදී  සංචාරක ක්‍රියාකරුවන් සමඟ සංචාරක ගමනාන්තයන් පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කිරීමට සහය වනබවට  මෙම සංගමයේ සභාපති සහතික විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසීලියා

2022 සැප්තැම්බර් 27 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close