ශ්‍රී ලංකාව - ඕමාන් සමුද්‍රීය සහයෝගීතාව වැඩි දියුණු කරයි

ශ්‍රී ලංකාව – ඕමාන් සමුද්‍රීය සහයෝගීතාව වැඩි දියුණු කරයි

ඕමානයේ සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා, ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ප්‍රවාහන, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ඉංජිනේරු සයීඩ් බින් හමූඩ් අල්-මාවලි මැතිතුමා හමුවී දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන අංශ පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය. එම දෙපළ වරාය හා නාවික කටයුතු මෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා නව ක්ෂේත්‍ර ද ගවේෂණය කළහ. ඉන්දියානු සාගරය බෙදා හදා ගන්නා රටවල් දෙකක් ලෙස, ශ්‍රී ලංකාව සහ ඕමානය අතර සමුද්‍රීය ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා විශාල විභවයක් පවතින අතර, මෙම අංශයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා අමාත්‍යවරයා සහ තානාපතිවරයා එකඟ විය.

මෙම වසරේදී සමරනු ලබන ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ 40 වැනි සංවත්සරය නිමිත්තෙන් නිකුත් කරන ලද අනුස්මරණ ලාංඡනයක් තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා විසින් අමාත්‍ය අල්-මාවලි මැතිතුමා වෙත පිරිනමන ලදි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ උප ලේකම් ඉංජිනේරු සලීම් බින් මොහොමඩ් අල්-නුයිමි මහතා සහ මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් දිලිනි අබේසේකර මහත්මිය මෙම රැස්වීම සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2021 ජූනි මස 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close