ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් අතිගරු බෞන්මි වන්මණී මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 ජුනි 05 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2024 ජුනී 05 වැනි දින
Please follow and like us: