ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදන ප්‍රවර්ධනය කෙරෙන “හායි ජැපෑන්” (“HI Japan”) වෙළඳ ප්‍රදර්ශනය

ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදන ප්‍රවර්ධනය කෙරෙන “හායි ජැපෑන්” (“HI Japan”) වෙළඳ ප්‍රදර්ශනය

පොල් සංවර්ධන අධිකාරියේ (CDA) අරමුදල් යටතේ ජපානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් සංවිධානය කොට ප්‍රවර්ධනය කරන ලද “HI Japan” වෙළඳ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියට තානාපතිවරයා සහ දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ සමාගම් 11 ක පුළුල් පරාසයක පොල් ආශ්‍රිත අපනයන නිෂ්පාදන මෙම ප්‍රදර්ශන කුටිය තුළින් විදහා දැක්විණි. මෙම නිෂ්පාදන පරාසයට පොල්තෙල්, වර්ජින් පොල්තෙල්, එම්.සී.ටී. තෙල්, පිටි කළ පොල්, වියළන ලද පොල්, කුඩා පොල් කැබලි, පොල් කිරි, පොල් කිරිපිටි, පොල් පැණි, සිරප් සහ ක්‍රීම් යනාදිය ඇතුළත් වේ. පොල් විනාකිරි, ඇමයිනෝ, පොල් බටර්, සීනි, පොල් වතුර සහ තැඹිලි වතුර ආශ්‍රිත නිෂ්පාදන වැනි නව නිෂ්පාදන ද මෙහිදී විදහා දැක්විණි.

පොල් ආශ්‍රිත නිෂ්පාදන අතරින් වඩාත් ජනප්‍රිය නිෂ්පාදන වන වර්ජින් පොල්තෙල්, පිටි කළ පොල් සහ වියළන ලද පොල් සම්බන්ධයෙන් ශක්‍යතා සහිත ජපන් ගැනුම්කරුවන්ගෙන් විමසීම් 60 කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශන කුටියට ලැබිණි. මෙම කර්තව්‍යය ඉදිරියට ගෙන යාමට සහ වෙබ් සාකච්ඡා තුළින් අපනයනකරුවන් අනාගත ගැනුම්කරුවන් සමඟ සෘජුවම සම්බන්ධ කර ගැනීමට දූත මණ්ඩලය අපේක්ෂා කරයි. සාම්පල සහ විස්තර පත්‍රිකා නැව්ගත කිරීමට පෙර තානාපති මණ්ඩලය විසින් පරිවර්තන සේවා, ලඝු ලේඛන සේවා මෙන්ම ජපන් රෙගුලාසිවලට අනුකූලව ඇසුරුම්වල ගුණාත්මකභාවය පරීක්ෂා  කිරීම සිදු කෙරෙන අතර, එම සේවය සෑම ශ්‍රී ලාංකික අපනයනකරුවකුටම සපයනු ලබන සේවයකි.

ශ්‍රී ලංකා තානාපති මණ්ඩලය

ටෝකියෝ

2021 ඔක්තෝබර් 12 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close