ශ්‍රී ලංකාවේ නිදහස් දිනය නිමිත්තෙන් වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවති සන්ධ්‍යා දේව මෙහෙය

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය නිමිත්තෙන් වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවති සන්ධ්‍යා දේව මෙහෙය

ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් සංවත්සරය නිමිත්තෙන් 2022 පෙබරවාරි මස 10 වැනි දින වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී සන්ධ්‍යා දේව මෙහෙයක් පැවැත්විණි.

මෙම දේව මෙහෙය සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරීන්, ශ්‍රීලංකන් ගුවන් සේවයේ යුරෝපා සහ ඇමෙරිකානු කලාපීය ප්‍රධානීතුමන්, ශ්‍රී ලංකා-එක්සත් රාජධානි වාණිජ මණ්ඩලයේ සභාපති සහ සීමාසහිත ලංකා බැංකුවේ (එක්සත් රාජධානි) ප්‍රධාන විධායක නිලධාරිතුමන් සහභාගි වූහ. මෙම දේව මෙහෙය අතරතුරදී, ශ්‍රී ලංකාව, එහි නායකයින් සහ ජනතාව වෙනුවෙන් යාඥා පැවැත්වීය. දේවස්ථානයේ අනුනායකත්වය මෙන්ම දේව සභාවේ වින්‍යාචාර්ය පූජ්‍ය ට්‍රිෂියා හිලස් මැතිනිය විසින් පළමු පාඩම ප්‍රකාශ කළ අතර අතර දෙවන පාඩම මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය විසින් ප්‍රකාශ කරන ලදි.

මෙම සන්ධ්‍යා දේව මෙහෙය සඳහා ගෞරවයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ ජාතික ධජය වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ ඉහළට ඔසවා තිබුණි.

එක්සත් රාජධානියේ වඩාත්ම කැපී පෙනෙන පූජනීය ගොඩනැගිලිවලින් එකක් වන වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය 1066 වර්ෂයේ සිට රාජාභිෂේකයන් සිදු කළ දේවස්ථානය වන අතර එය රාජකීයයන්17 දෙනෙකුගේ සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්, කවියන්, විද්‍යාඥයන්, රණශූරයන්, සංගීතඥයන් ඇතුළු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වඩාත් වැදගත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ අවසන් හුස්ම හෙළන ලද ස්ථානය වේ. මෙම දේවස්ථානය ක්‍රි.ව. 960 දී බෙනඩික්ටින් පූජකවරුන් විසින් පිහිටුවන ලදී. අද දිනය දක්වාම, ඇබේ දේවස්ථානයේ කිතුනු වන්දනා කටයුතු සහ පිළිගැනීමේ කටයුතු හා බැඳුණු සම්ප්‍රදායක් පවතී.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2022 පෙබරවාරි 24 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close