ශ්‍රී ලංකාවේ නව මහ කොමසාරිස්වරයා කැනඩාවේ සන්ධාන ප්‍රධානී හමුවෙයි

ශ්‍රී ලංකාවේ නව මහ කොමසාරිස්වරයා කැනඩාවේ සන්ධාන ප්‍රධානී හමුවෙයි

කැනඩාව සඳහා නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මැතිතුමා, 2021 ඔක්තෝබර් 14 වැනි දින කැනඩාවට පැමිණීමෙන් අනතුරුව කැනඩාවේ සන්ධාන ප්‍රධානී ස්ටුවර්ට් වීලර් මහතා 2021 ඔක්තෝබර් 15 වැනි දින ඔටාවා හිදී හමුවිය.

කැනඩාවේ සන්ධාන ප්‍රධානිවරයා ශ්‍රී ලංකාවේ නම් කළ මහ කොමසාරිස්වරයා මහත් හරසරින් පිළිගත් අතර, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන හා උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව සාකච්ඡා කළේ ය.

ශ්‍රී ලංකාව තුළ සාමය, සංහිඳියාව, ආර්ථික සංවර්ධනය සහ සමෘද්ධිය වැඩි දියුණු කර ගැනීම සඳහා අත්වැල් බැඳ ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඇතුළු විදේශවල සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මෑතක දී නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා සිදු කළ දේශනය පිළිබඳව නවරත්න මැතිතුමා මෙම හමුවේ දී සඳහන් කළේ ය. තවද, තමන් සමඟ සංවාදයකට සහභාගී වීම සඳහා ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ සාමාජිකයන්ට විශේෂයෙන් ආරාධනා කොට ඇති බවත්, එතුමා මෙම පියවරට නායකත්වය ලබා දෙන බවත් නවරත්න මැතිතුමා සඳහන් කළේ ය.

ඊට ප්‍රතිචාර දැක්වූ සන්ධාන ප්‍රධානියා, කැනඩාවේ පවතින බහුසංස්කෘතියේ සාරවත් බව සහ කැනඩාව සිය නිවහන කරගත් ලොව පුරා සිටින ජනතාව කැනඩාවට ලබා දී ඇති දායකත්වය පිළිබඳ ව සඳහන් කළේ ය. කැනඩාවේ සිටින දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා වූ සන්ධාන කාර්යාලය මඟින් සංවිධානය කරන ලද විවිධ ළඟාවීමේ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර හුවමාරු කරගත් ඔහු, නවරත්න මැතිතුමාට ද ඒ සමඟ එක්වන ලෙස ආරාධනා කළේ ය.

මෙම අවස්ථාව ලබා දුන් සන්ධාන ප්‍රධානීවරයාට ස්තුතිය පළ කළ නම්කළ මහ කොමසාරිස්වරයා, කැනඩාවේ සිය ධුර කාලය තුළ දී දෙරට අතර පවත්නා උණුසුම් සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ඔටාවා

2021 ඔක්තෝබර් 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close