ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මැතිතුමා නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මැතිතුමා නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවෙයි

2021 අගෝස්තු 20 දින විදේශ අමාත්‍යාංශයේ දී නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමු වූ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මැතිතුමා, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ නව පත්වීම වෙනුවෙන් සුබ පතමින්, ශ්‍රී ලංකාවට ලබා දෙන ජපානයේ අඛණ්ඩ සහය සහ සහයෝගීතාවය පිළිබඳව යළි අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සහ ජපානය සෑම මට්ටමකින්ම විශිෂ්ට හවුල්කාරිත්වයක් පවත්වාගෙන යන බව සඳහන් කළේය තානාපති සුගියමා මැතිතුමා, දැනට ක්‍රියාත්මක වන සියලුම සංවර්ධන ව්‍යාපෘති නියමිත වේලාවට නිම කිරීමට සහ වසංගතය හේතුවෙන් අභියෝග නොතකා ඉදිරියට ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා ජපානය කැපවී සිටින බව අවධාරණය කළේය.

අසීරු අවස්ථාවන්හි දී ශ්‍රී ලංකාවට ස්ථිරසාර සහයෝගයක් ලබා දීම පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ජපාන රජයට සහ එහි ජනතාවට ස්තූතිය පුද කළේය. ජපානය කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේ දී ශ්‍රී ලංකාවේ වටිනා හවුල්කරුවෙකු වන අතර, මෑතක දී ජපානය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.4, ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුළ එන්නත් කිරීමේ වැඩසටහන අඛණ්ඩව පැවැත්වීම සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් විය.

සාම සාකච්ඡාවල දී ජපාන රජයේ විශේෂ නියෝජිතයෙකු වශයෙන් යසුෂි අකාෂි මැතිතුමා ලබාදුන් වටිනා දායකත්වය සිහිපත් කරමින්, ශ්‍රී ලංකාවේ භූමි යථාර්ථයන් අවබෝධ කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් ගැටලුව සඳහා ස්ථිර විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර වේදිකාවේ දී ඉටුකළ මැදිහත් වීමේ කාර්යභාරය පිළිබඳව පීරිස් අමාත්‍යවරයා ජපානයට ස්තූති කළේය

රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය ලබන වසරේ දී ඉතාමත් සුදුසු අයුරින් සැමරීම සඳහා එකඟ වෙමින්, දෙරට අතර වෙළඳාම, ආයෝජනය සහ අන්තර් පුද්ගල සබඳතා තවදුරටත් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා වෙහෙස නොබලා කටයුතු කිරීමට විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සහ තානාපති සුගියමා මැතිතුමා යන දෙදෙනාම එකඟ වූහ.

මෙම හමුව සඳහා විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද සම්බන්ධ විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අගෝස්තු 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close