ශ්‍රී ලංකාවේ කොවිඩ් මඩින්න කටාර්වලින් සහය දෙන්න එකඟ වෙයි

ශ්‍රී ලංකාවේ කොවිඩ් මඩින්න කටාර්වලින් සහය දෙන්න එකඟ වෙයි

ශ්‍රී ලංකා රතු කුරුස සංගමය සමඟ සම්බන්ධිකරණයෙන් තමා ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ, ඖෂධ සහ වෙනත් ආධාර හා සැපයුම් පිළිබඳ අඩුපාඩු වහාම පියවා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන බව කටාර් රතු ක්‍රෙසන්ට් සංගමයේ (QRCS) මහලේකම් අලි බින් හසන් අල්-හම්මඩි මහතා එරට ශ්‍රි ලංකා තානාපතිවරයාට පවසා තිබේ. ඉකුත් 1 වනදා තානාපතිවරයා මහලේකම් හමු වූ අවස්ථාවේ මේ බව සදහන් කර ඇත. ජාත්‍යන්තර සබඳතා හා ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ ප්‍රධානී ආචාර්ය ෆවුසි අවුස්සෙඩික් මහතා සහ ජාත්‍යන්තර සංවර්ධන අංශ ප්‍රධානී නාග්ලා අල්-හජ් මහත්මිය මෙම හමුව සඳහා සහභාගී වූහ.

කටාර්හි සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවට සේවය කිරීමේ දී හෝ ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත ප්‍රජාවන්ට ආධාර සැපයීමේ දී කටාර් රතු ක්‍රෙසන්ට් සංගමය සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමය අතර මානුෂීය සහයෝගීතාවය පිළිබඳ අපේක්ෂාවන් මෙම සාකච්ඡාවේ දී ඔවුහු සමාලෝචනය කළහ.

කොවිඩ්-19 තෙවැනි රැල්ල මධ්‍යයේ විශාල ලෙස ඉහළ යන ආසාදන හා මරණ සංඛ්‍යා ශ්‍රී ලංකාව අත්විඳින බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රෝහල් අධික ලෙස පිරී ඉතිරී ගොස් ඇති අතර, තවත් අසාධ්‍ය රෝගීන් සඳහා ධාරිතාවක් නොමැති බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය.

අල්-හම්මඩි මහතා තවදුරටත් කියා සිටියේ, මෙය මිත්‍ර රටවල් දෙක අතර අන්‍යෝන්‍ය සබඳතා සහ කටාර් රතු ක්‍රෙසන්ට් සංගමය ශ්‍රී ලංකාව තුළ ලැබූ අතීත ජයග්‍රහණ පිළිබිඹු කරන බවයි. කටාර් රතු ක්‍රෙසන්ට් සංගමය විශේෂයෙන් ජල, සනීපාරක්ෂක හා සෞඛ්‍ය (WASH) අංශයේ මානුෂීය මෙහෙයුම් රාශියක නිරත වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ළිං සිය ගණනක් ඉදිකොට, ජල ටැංකි හා පොම්ප ස්ථාපනය කර ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

දෝහා

2021 ජූනි මස 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close