
කටාර් රාජ්‍යයේ රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින, කටාර් රාජ්‍යයේ නේවාසික අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස අතිගරු හමඩ් මොහොමඩ් අබ්දුල්ලා ආල්-සනඩ් අල්-දෝසරි මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 පෙබරවාරි 24 වැනි දින ප.ව.03.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වූවේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2026 පෙබරවාරි 24 වැනි දින



Please follow and like us:


