ශ්‍රී ලංකාවේ එස්තෝනියානු තානාපතිවරිය සිය අක්තපත්‍ර පිරිනමයි

ශ්‍රී ලංකාවේ එස්තෝනියානු තානාපතිවරිය සිය අක්තපත්‍ර පිරිනමයි

එස්තෝනියා ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින එස්තෝනියා ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරිය වශයෙන් අතිගරු මාර්යේ ලූප් මහත්මිය පත් කර තිබේ. එතුමිය 2024 ජුනි 05 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති මන්දිරයේදී  ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 ජුනී 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close