ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය විදේශ ඇමති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය විදේශ ඇමති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මහත්මිය ඊයේ (02) විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. විදේශ අමාත්‍යාංශයේ දී සිදු වූ මෙම හමුවට කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාද සම්බන්ධ වී සිටියේය.

ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික කටයුතු හා ආර්ථික කටයුතු ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් මෙම හමුවේ දී සාකච්ඡා කෙරුණි.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 පෙබරවාරි 03 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close