ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම

ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම

බෙල්ජියමේ ලාභ නොලබන සංවිධානයක් වන දේශසීමා රහිත රෝහල (HÔpital Sans Frontiéres- HSF / ZZG), රටේ කොවිඩ්-19 වසංගත තත්ත්වය පිළිබඳව කටයුතු කිරීම සඳහා සංකේතාත්මක සහායක් ලෙස ශ්‍රී ලංකාවට ඔක්සිජන් සාන්ද්‍රකයන් පරිත්‍යාග කළේය. දේශසීමා රහිත රෝහලේ ව්‍යාපෘති කළමනාකාර යොලන්ඩ් ෆොසෙට් මහත්මිය මෙම ඔක්සිජන් සාන්ද්‍රකයන් බ්‍රසල්ස්හි තානාපති ග්‍රේස් ආසිර්වාදම් මැතිනිය වෙත භාර දුන්නාය. කොවිඩ් අරමුදලට දායක වී ඔක්සිජන් සාන්ද්‍රකයක් පරිත්‍යාග කළ ඇන්ට්වර්ප් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල්වරිය ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූවාය. ක්ෂේත්‍ර සායන සහ තාවකාලික රෝහල් පිහිටුවීම සඳහා අවශ්‍ය භාණ්ඩ ළඟදීම පරිත්‍යාග කිරීමට ද බෙල්ජියමේ දේශසීමා රහිත රෝහල පොරොන්දු වී තිබේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2021 ජූලි 12 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close