ශ්‍රී ලංකාවට මුහුණු ආවරණ 100,000 ක් පරිත්‍යාග කිරීම සහ ඡායාරූප ගැනීමේ අවස්ථාවේ දී වෙළඳ හා සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කෙරේ

ශ්‍රී ලංකාවට මුහුණු ආවරණ 100,000 ක් පරිත්‍යාග කිරීම සහ ඡායාරූප ගැනීමේ අවස්ථාවේ දී වෙළඳ හා සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කෙරේ

ගුවැන්ෂු හි හොංඩා ෂින්ග්යෙ සමාගම සහ ගුවැන්ෂියාඕ විහාරස්ථානය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථානවලට සහ සංවිධානවලට ලබා දීම සඳහා පරිත්‍යාග කරන ලද මුහුණු ආවරණ 100,000 ක් 2021 ජුලි 11 වැනි දින ගුවැන්ෂු හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ප්‍රවාහනය කරන ලදී.

හොංඩා සින්ජි සමාගම පීවීසී, හයිඩ්‍රජන්, කෝස්ටික් සෝඩා, දුර්ලභ නව පාංශු ද්‍රව්‍ය හා පාංශු තත්ත්වකාරක ද්‍රව්‍ය නිෂ්පාදනය කරන චීනයේ ප්‍රධාන සම්පත් හා බලශක්ති ඒකාබද්ධ සමූහයක් වන අතර, සමාගමේ සභාපති ෂෝ යිෆෙං මහතා චාවෝෂාන් වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ද වේ. මුහුදු ආහාර හා අද්විතීය ආහාරපාන ශෛලිය සඳහා ප්‍රසිද්ධ වෙරළබඩ ප්‍රදේශයක් වන චාවෝෂාන් සහ ශ්‍රී ලංකාව අතර ධීවර සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීමට ද මෙම පරිත්‍යාගයේ ඡායාරූප උත්සවයේ දී කොන්සල් ජනරාල් ප්‍රියංකා ධර්මසේන මහත්මිය අවස්ථාව ලබා ගත්තාය. ශ්‍රී ලංකාවේ ධීවර නිෂ්පාදන සඳහා ගැනුම්කරුවන් සොයා ගැනීමට ශ්‍රී ලංකාවට සහාය වන ලෙස ඇය චාවෝෂාන් හි වාණිජ මණ්ඩලයෙන් ඉල්ලා සිටි අතර, එම ඉල්ලීමට එකඟ වූ ෂෝ මහතා, ඉදිරියේ දී ශ්‍රී ලංකාවට තවත් භාණ්ඩ පරිත්‍යාග කිරීමට අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය. වාණිජ මණ්ඩලයේ සහාය අගය කළ කොන්සල් ජනරාල්වරිය, ශ්‍රී ලංකාවට දැනට අවශ්‍යව පවතින හදිසි භාණ්ඩ පිළිබඳව සඳහන් කළාය.

ගුවැංෂියාඕ විහාරස්ථානය ගුවැන්ෂු හි පැරණිතම සිද්ධස්ථානය ලෙස සැලකෙන අතර, එහි විහාරාධිපති අතිපූජ්‍ය මිංෂෙං ස්වාමීන් වහන්සේ ගුවාංඩොං බෞද්ධ සංගමයේ සභාපති ද වෙති. මෙම විහාරස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩව පවත්නා සංස්කෘතික සහයෝගීතාව සහ සංචාරයන් පිළිබඳව මිංෂෙං ස්වාමීන් වහන්සේ සඳහන් කළහ. සංස්කෘතික සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා දෙපාර්ශ්වයම එකඟ වූහ.

පරිත්‍යාග කරන ලද ආරක්ෂක ඇඳුම් කට්ටල 600ක් මේ වසරේ මැයි මාසයේ දීද කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරන ලදී.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ගුවැන්ෂු

2021 ජූලී මස 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close