වොෂිංටන් තානාපති කාර්යාලය සියලු ජාතිකයන්ට හා ආගමිකයන්ට සමානව සලකනවා.

වොෂිංටන් තානාපති කාර්යාලය සියලු ජාතිකයන්ට හා ආගමිකයන්ට සමානව සලකනවා.

ශ්‍රී ලංකාවේ ජනයා අදහනු ලබන ආගම් හතරෙන් සෑම එකක් සඳහාම සැමරුම් උත්සව පැවැත්විම මගින් වොෂිංටන් තානාපති කාර්යාලය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික, සමාජීය සහ ආගමික අවශ්‍යතා සපුරාලන ඔවුන් සැවොම වෙනුවෙන් පවතින ආයතනයක් බව සහතික කර ඇති බව වොෂිංටනයේ ශ්‍රි ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා සඳහන් කරයි. වොෂිංටනයේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , 2021 මැයි 10 වන දින තානාපති නිල නිවසේදී පැවැති  ඉෆ්තාර් උත්සවයට සහභාගි වූ එරට මුස්ලිම් බැතිමතුන්. ආමන්ත්‍රණය කරමින් තානාපතිවරයා මේ බව සදහන් කර ඇත.

මෙම උත්සවය සඳහා සහභාගි වන ලෙසට මුස්ලිම් ප්‍රජාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ප්‍රජා නායක රිස්වාන් මවුලානා මහතා තානාපතිතුමන් වෙත සිය ස්තූතිය පළකර සිටියේය. ඔහු ශ්‍රී ලංකාවේ රජය සහ ජනතාව වෙනුවෙන් තමන් යාඥා කරන බවත්  සුබ පැතුම් එක් කරන බවත් පැවැසීය.

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන ආගම් හතරම සැමරීමේ ප්‍රතිපත්තිය යළි ආරම්භ කිරීම වෙනුවෙන් පොටොමැක් ඉස්ලාමීය ප්‍රජා පල්ලියේ සභාපති මොහොමට් වසීර් මුෂින් මහතා වොෂිංටන් සහ ඒ අවට වාසය කරන මුස්ලිම් ප්‍රජාවේ  ප්‍රසාදය තානාපති කාර්යාලය වෙත පළකර සිටියේය.

ලොව පුරා මුස්ලිම් වැසියන්ට මෙම පූජනීය මාසයේ වැදගත්කම අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී අසිස් හනිෆා මහතා පෙන්වා දුන්නේ මෙවැනි උත්සව සියලු ආගම්වල ජනයා සමග මිත්‍රත්වයේ බැඳීම් යළි ගොඩ නගා ගැනීමට අවස්ථාවක් උදා කරන බවයි. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා අනෙකුත් ආගම්වල උත්සවවලදී තම දායකත්වය ලබා දෙන බවත් එලෙසින්ම අනෙකුත් ආගම්වල පිරිස් රාමාදාන් සමයේදී මුස්ලිම් ජනතාව සමග එක්ව සැමරුම් සිදු කරන බවත් ඔහු සිහිපත් කළේය.

සෙටෙඩ් අදිල් මවුලානා මහතා විසින් අදම් යාඥා මෙහෙය පවත්වනු ලැබීය.

අනතුරුව ශ්‍රී ලංකා ආහාර පාන සහිතව ඉෆ්තාර් රාත්‍රි භෝජන සංග්‍රහය සියලු දෙනා භුක්ති විඳින ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
වොෂිංටන්

2021 මැයි 18

Please follow and like us:

Close