වීසා නොමැතිව ලෙබනනයේ රැදී සිටි ශ්‍රි ලාංකිකයන් දඩ මුදලින් නිදහස් කොට මෙරටට එවීමට ලෙබනන් රජය සහය වෙයි

වීසා නොමැතිව ලෙබනනයේ රැදී සිටි ශ්‍රි ලාංකිකයන් දඩ මුදලින් නිදහස් කොට මෙරටට එවීමට ලෙබනන් රජය සහය වෙයි

ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් හැත්තෑදෙනෙකු (70) වීසා කාලය ඉක්මවා රැඳී සිටීම නිසා නියම වූ දඩ මුදලින් නිදහස් කොට ඔවුන් සිය මව් රටට එවීමට ලෙබනන් රජය පියවර ගෙන ඇත. ලෙබනන් රජය සමඟ පැවැති සාකච්ඡාවකින් පසු ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජනාධිපති ලේකම් කාර්යාලය, විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ එක්ව, ශ්‍රී ලාංකිකයන් 271 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 554 වාණිජ ගුවන් යානය මඟින් ඉකුත් දා (21) වැනි දින සියරට පැමිණවීය. ලෙබනනයේ විදේශ කටයුතු හා සංක්‍රමණික අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, සාමාන්‍ය ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය (ආගමන දෙපාර්තමේන්තුව) සහ බේරූට් හි රෆික් හරිරි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය මේ සඳහා සහාය විය.

ලෙබනනයේ ශ්‍රි ලංකා තානාපති ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය සහ සියලු තානාපති කාර්යාල කාර්යය මණ්ඩලය රාෆික් හරිරි ගුවන් තොටුපලේ දී මෙම ශ්‍රි ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සපයන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බේරූට්

2020 දෙසැම්බර් 31

Print Friendly, PDF & Email
Please follow and like us:

Close