විශේෂ දැන්වීමයි

විශේෂ දැන්වීමයි

ජයසූරියගේ ප්‍රියන්තිකා නීලකාන්ති මියගේ අභාවය

ශ්‍රී ලාංකිකයෙකු වන ජයසූරියගේ ප්‍රියන්තිකා නීලකාන්ති මිය 2023.01.01 දින  ලෙබනන්හිදී අභාවප්‍රාප්ත වී ඇති බව ලෙබනන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර්  කටයුතු අංශය වෙත දන්වා ඇත.

අභාවප්‍රාප්ත වූ අයගේ තොරතුරු පහත පරිදි වේ.

නම: ජයසූරියගේ ප්‍රියන්තිකා නීලකාන්ති  මිය

ජාතික හැඳුනුම්පත් අංකය : 797631574V

විදේශ ගමන් බලපත්‍ර අංකය : N 5758240

                 

ජයසූරියගේ ප්‍රියන්තිකා නීලකාන්ති  මියගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා සහය ලබාගැනීම පිණිස ඇයගේ ලඟම ඥාතියෙකු  හෝ ඇය දැන සිටි අයෙකු සොයා ගැනීම සඳහා මෙම අමාත්‍යාංශය මහජන සහය  පතයි. ඇය‍ගේ විදේශ ගමන් බලපත්‍රයට අනුව ඇයගේ ලිපිනය 117, යාය 6, වරාවැව, කුරුණෑගල  හා  247/3, හබරකඩ, හෝමාගම  යන ලිපිනය ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු මත දන්වා ඇත.

ඒ අනුව දුරකථන අංක: 011238836/0117711163/0112323015, Email: consular@mfa.gov.lk හෝ කොන්සියුලර් අංශය,  විදේශ කටයුතු  අමාත්‍යාංශය, 2 වැනි මහල සෙලින්කෝ මන්දිරය, කොළඹ 01. යන ලිපිනය ඔස්සේ  මෙම අමාත්‍යාංශයට ඇමතිය හැක.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මාර්තු 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close